lakbima.lk

මෙහෙමත් කෑමක් !

 

ඩොනල්ඩ් ඒ ගෝර්ක්ස්  විසින් ලෝකයේ වැඩිම බර්ගර් සංඛ්‍යාවක් අනුභව කර ඇත. 2012 දී ඔහු තැබූ වාර්තාවකට අනුව ඔහු එතෙක් අනුභව කළ බර්ගර් ගණන 26 000කි.

 

ලෝකයේ ලොකුම කප් එක නිර්මාණය වූයේ වර්ෂ 2011 ජෝර්ජ්ටවුන් හි දී ය. එම කප් කේක්  ගෙඩිය අවුන්ස 2594 ක් වූ අතර වට ප්‍රමාණය අඟල් 50කි. උස අඟල් 36 කි.

 

බිස්කට්ටුවක් වැඩිම උසක සිට ආහාරයට ගැනීමේ වාර්තාව පිහිටුවීමට 2017 දී බ්‍රිතාන්‍ය තරුණයෙක් සමත් විය. ඒ අඩි 240 ක උසක සිට පහලට පැමිණ එල්ලීගෙන ආහාරයට ගැනීමට ය. ඔහු මෙලෙස බිඳ දැමූයේ 2013  දී රොන් ජෝන්ස් අඩි 198 ක් පහළට පතිතව ආහාරයට ගත් බිස්කට් වාර්තාවයි.  

 

මේ ආරංචිය හොට් ඩෝග් ආහාරයට ගන්නා සියලු දෙනාටයි. මෙතෙක් නිම වුණු විශාලතම හොට් ඩෝගය ගෝරිල්ලා ටැන්ටෝ නවල්ටි මීට්  ආයතනය විසින් සකසා ඇත. එහි බර කිලෝ ග්‍රෑම් 3.18 කි. මෙය සාමාන්‍ය බල්ලෙකුට වඩා බරකින් යුතු ය.

 

ලෝකයේ ලොකුම ‍විස්කෝත්තුව නිපදවීමට 2003 දී  සමත් විය. එම විස්කෝතුව අඩි 102 ක් පළල වන අතර අවුන්ස 40 000ක් බරැති ය. මාස 8කට පෙරාතුව සිට එය සැකසීමට ලොව විශාලතම අවන් එක නිර්මාණය කර ඇත. මෙම විස්කෝතුව පිළිස්සීමේ දී උස අඩි 50ක් වන තෙක් එහි සුවඳ පැතිරේ.

ලෝකයේ ‍විශාලතම අයිස් කෝපි බඳුන ලීටර් 14 228 කි. මෙය සකසා ඇත්තේ දකුණු කොරියාවේ යැන්ගුජු හි දී ය. ඒ 2014 ජූලි මාසයේ  දී ය.

 

ලෝකයේ විශාලතම චොකලට් බිස්කට්ටුව මොන්ඩලීස් බහරේන් බිස්කට් සමාගම විසින් නිමවන ලදී.  මෙහි බර කිලෝ ග්‍රෑම් 73.4 කි. මෙම බිස්කට්ටුව සාදා ඇත්තේ ඔරියෝ නම් බිස්කටිටුවකට අනුව ය. එමෙන්ම සාමාන්‍ය ඔරියෝ බිස්කට්ටුවක මෙන් 6495 ගුණයක් මෙන් විශාල ‍ය. මෙම සුවිශාල බිස්කට්ටුව බිඳ දමා ඇත්තේ 2011 නෙදර්ලන්තය විසින් නිමවුණු කිලෝ 28 කින් යුතු විශාල බිස්කට්ටුවකි.   මෙම බිස්කට්ටුව එදින පැමිනි අමුත්තන් 150 දෙනෙකු අතරේ බෙදා දෙනු ලැබීය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.