lakbima.lk

අපූරු පාස්පෝර්ට් !

විසි  එක්  වන සියවසේ වෙසෙන්නවුන් හට ගමනාගමනය වනාහි අරුම පුදුම දෙයක් නොවේ. මන්ද මේ වන විට ලෝකයේ එක් කෙළවරක සිට අනෙක් කෙලවර දක්වා ගමන් කිරීමට එතරම් කාලයක් ගත නොවේ. එතරම් ගමනාගමනය පහසු වී ඇති අතර විවිධ රටවල් අතර සංසරණයේ දී ගමන් බලපත්‍රයට වෙත පවතිනුයේ කාර්ය භාරයකි.

ලෝකයේ පළමු ගමන් බලපත්‍රය අන්තර්ගත වී ඇත්තේ බයිබලයේ ය.  ඒ පළමු ආර්ටැරක්ස් රජතුමා විසින් සිය දූතයන් ආරක්ෂිතව ජූඩියාව හරහා ගෙන යන මෙන් පර්සියානු නිලධාරියෙක් ගෙන් ඉල්ලා සිටීම මඟිනි.

එමෙන්ම එලිසබෙත් රැජින සතුව විදේශ ගමන් බලපත්‍රයක් නැත. ඒ ඇය නමින් මුලු බ්‍රිතාන්‍යයේම විදේශ ගමන් බලපත්‍ර නිකුත් වන බැවිනි.  ඇයගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ විදේශ ගමන් බලපත්‍රවල අධිකාරිය හිමි වන්නේ මීළඟ ඔටුන්න හිමිකරු හටය.

කැනේ‍ඩියානු විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයෙකු හට යුරෝපයේ සංචාරය කරන අතරතුරේ දී විවිධ යුරෝපා රටවල සවි කර ඇති බියර් යන්ත්‍ර මඟින් කිසිදු මුදලකින් තොරව බියර් කෑන් ලබා ගත හැක.

බ්‍රිතාන්‍ය තුළ යම් අයෙකු සතුව අශ්වයෙක්, බූරුවෙක් හෝ පෝනියෙකු සිටී නම් ඔවුන් සඳහා ද විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යෙන් කළ යුත්තකි.

බ්‍රිතාන්‍ය තුළ පමණක් නොව යුරෝපා සංඟමය තුල පවා පූසන් හා බල්ලන් වෙනුවෙන් විශේෂ විදේශ ගමන් බලපත්‍රයක්  අවශ්‍ය ය.

ඒ අතර 2018 ලොව බලවත්ම ගමන් බලපත්‍ර පිලිබඳ ලෝක වාර්තාව මේ වන විට නිකුත් කර ඇත. එම සමීක්ෂණය සිදු කර ඇත්තේ ‘හේලී පාස්පෝර්ට් ඉන්ඩෙක්ස්’ ආයතනය හරහා ය . මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ ගමන් බලපත්‍ර 199 ක් හා ගමනාන්ත 227 ක් ඇසුරිනි. ඔවුන්ට අනුව මෙවර වැඩිම ගමනාන්ත සහිත බලවත්ම විදේශ ගමන් බලපත්‍රය වී ඇත්තේ ජපන් විදේශ ගමන් බලපත්‍රය යි. මේ වන විට ජපානය විසින් සිය වැසියන් සඳහා රටවල් 190ක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දී ඇත. 

මෙම දර්ශකයේ දෙවන ස්ථානයේ පසුවන්නේ 189 ක් රාජයයන් වෙත යා හැකි සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයයි.  තෙවන ස්ථානය තුල පසුවන්නේ ‍2018 ආරම්භය තෙක් පළමු ස්ථානය වූ ජර්මනියයි. එම ස්ථානය තවත් රාජ්‍ය දෙකක් අතරේ බෙදී ගොස් ඇති අතර එම රාජ්‍යයන් වන්නේ ප්‍රංශය හා දකුණු කොරියාවයි. කෙසේවෙතත් ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රය රැඳී සිටින්නේ පස් වන ස්ථානයේ ය. ඒ සිය වැසියන් හට රාජ්‍ය 186 ක් වෙත යාමේ අවස්ථාව ලබාදෙමිනි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.