lakbima.lk

ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්වන අපූරු බැලුම්

 

 Albuquerque International Balloon Fiesta’ යනු ඔක්තෝබරය හැඩ ගන්වන ජාත්‍යන්තර වාෂ්ප බැලුන් තරඟයකි. මෙම තරඟය වාර්ෂිකව  පැවැත්වෙනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ ය.

අනෙක් ජාත්‍යන්තර වාෂ්ප බැලුන් තරඟ වතට සාපේක්ෂව මෙය කිසිදු වයස් භේදයක් නොමැතිව ඕනෑම තරාතිරමක පුද්ගලයන් හට සහභාගී විය හැකි අපූරු තරඟයක් වීම විශේෂත්වයකි.

මෙම බැලුම් තරඟය 1972 දී වාෂ්ප බැලුන් 13 කින් ආරම්භ වූවක් ය. කෙ‍සේවෙතත් මෙය උන්මාදයක් මෙන් වැළඳ ගත් ජනතාවක් නිර්මාණය වීම හරහා මේ වන විට වසරකට වාෂ්ප බැලුම් 700කට අධික ප්‍රමාණයක් උඩු ගත කිරීමට මෙහි සංවිධායකයන්ට හැකියාව ඇත.

මෙම තරඟය පැවැත්වෙනුයේ  අක්කර 365 කින් යුත් භූමි භාගයක ය.

විවිධ තේමාවන්ගෙන් යුත් වාෂ්ප බැලුන් ඉදිරිපත් කිරීමට තරඟ කරුවන්ට හැක. ඒ නිසාම ඔක්තෝබරයේ ආකාසය අනේක පාට හා හැඩතලයෙන් යුත් වාෂ්ප බැලුන් සිය දහස් ගණනින් වරණවත් වේ.

එමෙන් ම මෙම තරඟය අන් කවර තරඟයක්ටත් වඩා ලෝකයේ ඡායාරූප ගතවෙන මනස්කාන්ත ඉසව්වක්  ලෙස ද  හඳුනාගැනේ.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.