lakbima.lk

රජ පවුලට එක්වන්නට පෙර මේගන් මාකල් ඉගෙන ගත යුතු රාජකීය සිරිත්

එළඹෙන මැයි මාසයේ බි‍්‍රතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි මේගන් මාකල්ගේ විවාහය සිදු වන්නට නියමිතව ඇති බව මේ වනවිට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ. නමුත් විවාහයට පෙර ඇමෙරිකානු සම්භවයක් සහිත මේගන් බි‍්‍රතාන්‍ය සිරිත් විරිත්, විශේෂයෙන්ම රජ පවුලේ ආචාරධර්ම ඉගෙන ගත යුතුව ඇති අතර මේ වනවිට ඇය මහත්  ඕනෑකමින් ඒවා ඉගෙන ගනිමින් සිටියි.
ප‍්‍රධාන වශයෙන්ම ඇයට ඉගෙන ගැනීමට සිදුවන ආචාර ධර්මය වන්නේ බි‍්‍රතාන්‍ය රාජකීයයන් ආහාර ගැනීමේ පිළිවෙලයි. ඇමෙරිකානුවන් සහ ඉංග‍්‍රීසි ජාතිකයන් ආහාර ගැනීමේ පිළිවෙළ බොහෝ සෙයින් එකිනෙකට වෙනස්ය. ඩයිනිං ටේබල් එතික්ස් නමින් හඳුන්වන මෙම පුරුදුවල ප‍්‍රධාන වෙනස වන්නේ හැඳි, ගෑරුප්පු, සහ පිහි පාවිච්චි කරන්නේ කුමන අතින්ද යන්නයි. සුප් පානය කරන්නේ නම් කුමන අතින් එය සිදු කළ යුතු ද යන්නත් ගෑරුප්පුව හැන්ද සමගින් පාවිච්චි කිරීමේ දී ඒවා ඇල්ලිය යුතු ආකාරයත්, ගෑරුප්පුව පිහිය සමග පාවිච්චි කිරීමේ දී ඒවා ඇල්ලිය යුතු ආකාරයත්, ආහාර ගෙන අවසන් වූ පසු පි`ගාන මත ඒවා තබන ආකාරයත් එකිනෙකට වෙනස්ය. මේ නිසා ඒවා පැහැදිලි වශයෙන් පුහුණු වීම රාජකීයයෙකු බවට පත්වීමට පෙර අනිවාර්ය වේ.
බි‍්‍රතාන්‍ය රැජින සහභාගි වන අවස්ථාවක ඇය සමග එකට හිඳ ආහාර ගැනීමට සිදුවුවහොත් 
රැජින ආහාර බෙදා ගැනීම ආරම්භ කළ පසු සෙසු සාමාජිකයන් ආහාර බෙදා ගත යුතු අතර රැජින ආහාර ගෙන අවසන් කළ වහාම සෙසු සාමාජියන්ද ආහාර ගෙන අවසන් කළ යුතු ය. සාමාන්‍යයෙන් 
මෙවැනි අවස්ථාවක ආහාර ගැනීම සඳහා ලැබෙන්නේ විනාඩි 15ක 20ක පමණ කාලයක් පමණි. එවැනි කාලයක් තුළ ආහාර ගැනීමට රාජකීය පවුලක සාමාජිකයෙකු වන්නට පෙර පුරුදු වීම අනිවාර්ය වේ.
ඇය ඉගෙන ගත යුතු කාරණා අතර දෙවැනියට තිබෙන්නේ මහ ජනතාවට ආචාර කිරීමේදී හිටගෙන සිටිය යුතු අන්දමත්, අත වැනිය යුතු ආකාරයත්, නිල ඡුායාරූපවලට පෙනී සිටිය යුතු ආකාරයත් පිළිබඳවය. හිටගෙන සිටීමේදී සහ නිල ඡුායාරූපවලට පෙනී සිටීමේදී පිට කොන්ද ඍජුව තබා ගත යුතු අතර නිකට පොළොවට සමාන්තර වන ආකාරයට හිස කෙළින් තබා ගත යුතුය. අත වැනීමේදී වැලමිට ප‍්‍රදේශය තෙක් ඔසවා අත වැනීම සිදු නොකළ යුතු අතර අතෙහි මැණික් කටුවේ සිට අත්ල දක්වා පමණක් චලනය වීම ප‍්‍රමාණවත්ය.
ඇමෙරිකානු සම්භවයක් තිබුණද ඇය රාජකීය පවුලට එක් වූ පසු ඉංග‍්‍රීසි භාෂාව කතා කළ යුතු වන්නේ ඇමෙරිකානු උච්චාරණයෙන් නොව බි‍්‍රතාන්‍ය උච්චාරණයෙනි. ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය යන රටවල් දෙකම ඉංග‍්‍රීසි කතා කරන්නන් ජීවත් වන රටවල් වුව ද ඔවුන්ගේ උච්චාරණයන් එකිනෙකට බොහෝ සෙයින් වෙනස්ය. නිළියක ලෙස වසර ගණනාවක අත්දැකීම් සහිත මේගන්ට බි‍්‍රතාන්‍යයන් මෙන් ඉංග‍්‍රීසි උච්චාරණය කිරීමේ අපහසුවක් ඇති නොවන බව ඉන්සයිඞ් වෙබ් අඩවිය පවසා තිබේ.
සාමාන්‍යයෙන් ප‍්‍රසිද්ධ පුද්ගලයන් සමග සෙල්ෆි ඡුායාරූපවලට පෙනී සිටීමට සාමාන්‍ය වැසියන් උනන්දුවක් සහ කැමැත්තක් දක්වති. වසර ගණනාවක් නිළියක ලෙස සිටි මේගන්ද  ඕනෑ තරම් සෙල්ෆි ඡුායාරූපවලට පෙනී සිට ඇතිවාට සැක නැත. නමුත් මෙතැන් පටන් ඇයට එය තහනම් වේ. මන්ද යත් රාජකීයයන් සාමාන්‍ය වැසියන්ගේ ආරාධනයෙන් සෙල්ෆි ඡුායාරූපවලට පෙනී නොසිටින බැවිනි. යමෙකු ඇයට සෙල්ෆි ඡුායාරූපයකට පෙනී සිටින්නට ඇරයුම් කළහොත් කෘතවේදීව එය ප‍්‍රතික්ෂේප කිරීමට ඇයට හැකිවිය යුතුය.
රාජකීය පවුල්වල කාන්තාවන් කිසිසේත්ම තද වර්ණයෙන් යුතු නිය ආලේපන පාවිච්චි නොකළ යුතුය. එමෙන්ම නිය අලංකරණය සඳහා නිර්මාණය කර ඇති කුඩා මුදු, බීඞ්ල්ස්, සීක්වින්ස් වැනි දේ පැළඳීම ද රාජකීය සිරිත් විරිත්වලට පටහැනි වේ. නිය ආලේපන පාවිච්චි කළ යුතුම නම් ලා පැහැයන් පමණක් යොදා ගත යුතුය. එමෙන්ම රාජකීය කාන්තාවන් සෑමවිටම පාහේ හිස් ආවරණය සඳහා තොප්පි හෝ නෙට් පළඳිති. එහිදී හිස් ආවරණ සුළෙ`ග් යෑම වළක්වාලමින් තදින් කටු ගසා තිබිය යුතුය. හිස් ආවරණය ගැලවී යෑම එය පැළඳි පුද්ගලයාට අපහාසයක් ලෙස සැළකේ.
රාජකීය කාන්තාවන් සෑම විටම ස්ටොකින්ස් පැළඳීම අනිවාර්ය වේ. දිගු ඇඳුමක් ඇඳීමේදී මෙන්ම කෙටි ගවුම් ඇඳීමේදී ද එය අනිවාර්ය අංගයකි. රාජකීය කාන්තාවන් සිය නිරුවත් දෙපා ප‍්‍රදර්ශනය කිරීම රජ පවුලට සිදු කරන ගැරහීමකට සමානය. රජ පවුලේ කාන්තාවන් සිය තනතුරු අනුව ඔටුනු පළ`දිති. ඔටුණු පැළඳ ඒවා හිස මත සමතුලිතව තබාගෙන ඇවිදීම අපහසු ක‍්‍රියාවක් වන අතර එය පුහුණු විය යුතු දෙයකි. සාමාන්‍යයෙන් ඔටුන්නක් පැළඳිය යුතු වන්නේ අංශක 45ක කෝණයකින් ආනත වන පරිදිය. මේ නිසා එය බිම නොවටා ඇවිදීම ප‍්‍රගුණ කළ යුතු අපහසු ක‍්‍රියාවකි. එය පහසුවෙන්ම පුහුණු විය යුතු වන්නේ පොතක් හිස මත තබාගෙන ඇවිදීමෙනි.  
රාජකීය පවුල නියෝජනය කරමින් කතාවක් පැවැත්වීමට සිදු වුවහොත් පැකිලීමකින් තොර  ඕනෑම වෙලාවක එය සිදු කරන්නට පුරුදු විය යුතු ය. කතාව පවත්වන අතරතුර ගොත ගැසීම, ඈනුම් යැවීම, වචන පටලවමින් කතා කිරීම, ගුඩුස් යැවීම, ශබ්ද නගා සිනාසීම, පැද්දීම, දෙසපට ඇල වීම, දෑත් එහා මෙහා විසි කරමින් කතා කිරීම ආදිය නොකළ යුතුය. එය රජ පවුලේ සාමාජිකයන්ට සිදු කරන අපහාසයක් ලෙස සැළකේ. මේ නිසා ඍජුව සිටගෙන කෙටි සහ අර්ථවත් කතාවක් පැවැත්වීමට ඇය පුරුදු විය යුතුව තිබේ.
රාජකීය පවුලේ සාමාජිකයෙකු බවට පත් වූ පසු ඇය හැසිරිය යුතු වන්නේ සාමාන්‍ය කාන්තාවක ලෙස නොව ආර්යාවක ලෙසය. දුවමින් ඇවිදීම, හ`ඩ නගා කතා කිරීම, අත්පුඩි ගසමින් සිනාසීම, මුහුණ ඇද කරමින් විවිධ විකෘති හැ`ගීම් පළ කිරීම, රැුවීම ආදිය ආර්යාවකගේ හැසිරීම් නොවේ. එමෙන්ම දුප්පත් පෝසත් බේදයකින් තොරව සාමාන්‍ය වැසියන් සියලූ දෙනා කෙරෙහි සමානාත්මතාව දැක්විය යුතුය.
 
දුලංජලී මුතුවාඩිගේ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.