Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔස්ට්‍රේලියාවේ වෙරළකින් හමු වූ පැරණිම පණිවුඩය

මුහුදට විසිකිරීමෙන් වසර එකසිය තිස්දෙකක් ගත වූ පැරණිම පණිවුඩය සහිත බෝතලයක් ඔස්ට්‍රේලියාවේ පර්ත්හි වෙරළකින් හමුවී තිබේ. පාළු ප්‍රදේශයක පිහිටි මේ මුහුදු වෙරළේ වැලි කඳු අතර ඇවිදිමින් සිටි ටොන්යා ඉල්මාන් හට මෙම බෝතලය හමුවී තිබේ.
ඇය සමග ඇවිදින්නට ගිය ටොන්යාගේ සැමියා වන කිම්ඉල්මාන් කියා ඇත්තේ බෝතලය තුළ තිබි තමන්ට කඩදාසියක් හමුවුවද එය කුමක් දැයි සිතාගන්නට නොහැකි වූ බවත්, පසුව එය උඳුනේ දමා වියළාගත් බවත්ය.
මේ වනවිට මෙය ජර්මානු නැවක සිට මුහුදට දැමූ පණිවුඩයක් සහිත පැරණිම බෝතලය බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ පිරිස් පවසයි.
1886 ජුනි 12 ලියා ඇති බව කියැවෙන පණිවුඩය සහිත බෝතලය ‍පෝල නම් ජර්මානු නැවේ සිට මුහුදට දමා ඇති අතර ජර්මානු නාවුක හමුදාවේ මුහුදු හා නැව් යන මාර්ග සම්බන්ධයෙන් කළ පර්යේෂණයක කොටසක් ලෙස මෙය කළ බව සැලවෙයි.                     
 
නිශානි දිසානායක 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.