lakbima.lk

කෙට්ටු වෙලා තෑගි දිනමු

යාහු වෙබ් අඩවිය හැම අවුරුද්දකම ‘වේට් ලොස් විනර්’ කියන තේමාව යටතේ තරගයක් පවත්වනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ස්ථුල ශරීර සහිත ගැහැනු පිරිමි  ඕනෑම කෙනෙකුට මේ තරගයට ඇතුළු වෙන්න පුළුවන්. කෙටිම කාලයක් තුළ තමන්ගේ සිරුරුවල බර වැඩි ප‍්‍රමාණයකින් අඩු කර ගත් කෙනා තමයි වේට් ලොස් විනර් වෙන්නේ.
තෑගි විදියට නිවසක් හෝ වාහනයක් ලබා දෙනවා. 2018 අවුරුද්දේ වේට් ලොස් විනර් වුණේ ඇලීසා කෙරස් කියන 28 හැවිරිදි තරුණිය.
ඇය මාස 18 ක් තුළ ඇගේ සිරුරේ බර රාත්තල් 165 කින් අඩු කරගෙන තිබුණා. ඒ මෙම තරගය නිසා නෙවෙයි. විවාහයෙන් පස්සේ ඇලීසාට දරුවෙකු වදන්න  ඕනේ නම් සිරුරේ බර අඩු කර ගත යුතුයි කියලා වෛද්‍ය උපදෙස් ලැබුණු නිසා.
මාස 18 ක් තුළ බර අඩු කර ගත්තු ඇලීසාට පහුගිය දෙසැම්බර් මාසෙ පුංචි පුතෙක් ලැබුණා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉන්න ගෙදරකුත් ලැබුණා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.