Coss Ear2
lakbima.lk
COSS Ear 1

වහල් දරුවෝ

මාපිය දෙදෙනෙක් තමන්ගේ දරුවන් 13 දෙනා වහල්කමේ යෙදවූ කතාවක් ගැන කැලිෆෝනියාවෙන් වාර්තා වෙලා තියෙනවා. ලූවිස් ටර්පින් සහ ඬේවිඞ් ටර්පින් නම් වූ මේ දෙදෙනා වයස අවුරුදු දෙකේ සිට 17 දක්වා වයස්වල දරුවන් 13 දෙනෙකුගේ මාපියන්. දරුවන්ගේ ආහාරපාන වෙනුවෙන් මුදල් වැය කිරීම නාස්තියක් කියලා හිතපු මේ මාපියන් දරුවන් ලවා වහල් වැඩ කරවා ගන්නත්, එසේ උපයා ගන්නා මුදලින් විතරක් දරුවන්ට ආහාරපාන ලබා දෙන්නත් පුරුදු වෙලා ඉඳලා තියෙනවා.
මේ නිසා දරුවන් 13 දෙනාගෙන් 12 දෙනෙකුටම මන්ද පෝෂණ තත්ත්වය පවා ඇති වෙලා. දරුවන් අතරින් 13 වියැති දැරියක් 911 අංකයට අමතා තමන්ව බේරා ගන්නා ලෙස දැනුම් දීමෙන් පසුව මේ දරු දැරියන් නගරයේ ෂෙරිෆ්වරයාගේ මාර්ගයෙන් රෝහල් ගත කරන්නත් මාපියන් අත්අඩංගුවට ගන්නත් නියම වෙලා තියෙනවා.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.