Coss Ear2
lakbima.lk
COSS Ear 1

මිෂෙල්ට 54ක්

පහුගිය 17 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරුක් ඔබාමාගේ මුළු පවුලටම වැදගත් දවසක්. ඒකට හේතුව තමයි එදාට යෙදිලා තිබුණු මිෂෙල් ඔබාමාගේ 54 වෙනි උපන් දිනය. උපන් දිනය ගැන මිෂෙල් ට්විටර් පණිවුඩයකින් මෙහෙම කියලා තිබුණා. ‘‘එදා උදේ මම ඔෆිස් එකට යද්දී මගේ මේසේ උඩ රතුම රතු පාට ලොකුම ලොකු රෝස මල් පොකුරක් තිබුණා. ඒක හොරෙන්ම මගේ මේසෙ උඩින් තියලා තිබුණේ මගේ හොඳම යාළුවා, හොඳම රසිකයා, සහ හොඳම විවේචකයා.
ඒ වෙන කවුරුත් නෙවෙයි මගේ සැමියා බැරක්. ඔහු ? 12ට මට සුබ පතලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තට පස්සේ සුබ පැතිල්ල ඉවරයි කියලයි මම හිතාගෙන හිටියේ. හැම තිස්සේම මාව පුදුමයට පත් කරන එක තමයි ඔහුගේ විනෝදාංශය.’’ මිෂෙල්ගේ උපන් දිනය වෙනුවෙන් රටවල් 12ක රාජ්‍ය නායකයින් සුබ පැතුම් එවලා තිබුණත් වත්මන් ජනාධිපති ට‍්‍රම්ප්ගෙන් ඒ වනවිටත් සුබ පැතුම් ලැබිලා තිබුණේ නැහැලූ.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.