lakbima.lk

මිය ගිය කාන්තා ගර්භාෂයෙන් මෙලොව උපන් ප්‍රථම බිළිඳිය

ලෝකයේ ප්‍රථම වරට මිය ගිය කාන්තාවකගෙන් බද්ධ කරන ලද ගර්භාෂයකින් ප්‍රසූත වූ කුඩා බිළිඳියකගේ පුවත වාර්තා වනුයේ බ්‍රසීලයේ සා ඕ පෝලෝ නුවරිනි. ඒ 2017 දෙසැම්බර් 15 වැනි දා ය. මෙම බද්ධය සඳහා පැය 10ක කාලයක් ගත වී ඇත.

පළමු වතාවට ගර්භාෂ බද්ධය දරුවෙකු බිහි වූයේ ස්වීඩනයේ ය. ඒ 2011 වර්ෂයේ ය. ඉන් අනතුරුව ලොව පුරා බොහෝ වෛද්‍ය පරික්ෂණ සිදු විය. ඒ අනුව  වාර 39 කදී මේ ආකාරයේ සැත්කම් සිදු කළ ද  කාන්තාවන්ගේ ගර්භාෂ බද්ධය හරහා දරුවන් නොමැති කාන්තාවන් හට දරුවන් ලබාගත හැකි වූයේ 11 වතාවක දී පමණී. එය ද මවගෙන් හෝ සොහොයුරියකගෙන් පමණී. එමෙන්ම මියගිය කාන්තා ගර්භාෂයකින් ද මෙම සැත්කම 10 වතාවක් සිදු කල ද ඒ සියල්ල අසාර්ථක විය. 

මෙම 32 හැවිරිදි බිළිඳියගේ මව සතුව උපතින් ම ගර්භාෂයක් නොතිබිණ. ඇය කාන්තාවන් 4500කින් 1 කට වැළඳිය හැකි Mayer-Rokitansky-Küster-Hauser syndromeහෙවත් උපතින් ම ගර්භාෂයක් නොමැතිව උපන් ගැහැණියක් විය. ඒ හේතුවෙන් ඇයට කිසිදු ආකාරයකින් දරුවන් ලැබීමේ හැකියාවක් නොතිබිණ.

එහෙයින් වෛද්‍ය සැත්කමක් හරහා මිය ගිය කාන්තාවකගේ ශරීරයෙන් මෙම ගර්භාෂයක් රහිත කාන්තාව‍ට බද්ධ කිරීම 2016 වර්ෂයේ දී සිදු විය. මිය ගිය කාන්තාව වයස අවුරුදු 45 ක දරු තිදෙනෙකු ගේ මවක් විය.ගර්භාෂ බද්ධයෙන් සති 4 කට පසු කාන්තාවට සිදු කළ ‘ගර්භාෂ බද්ධය’ සාර්ථක ලක්ෂණ පහළ කල අතර ඇය හට ප්‍රතිශක්තිය වර්ධනය සඳහා විවිධ ඖෂධ වර්ග ලබා දුණි.

බෙහෙත් ලබා දීමෙන් සති 4 කට පසුව කාන්තාවගේ ආර්තව  චක්‍රය සාර්ථකව ආරම්භ වී ඇත. වාසනාවකට මෙන් ඇයගේ ඩිම්බ කෝෂ යහපත් මට්ටමේ පැවතිණ. ඒ අනුව මාස 7 කට පසු පුරුෂ බීජ සමඟ ඩිම්බ කෝෂ කෘත්‍රීමව  සංසේචනය කිරීමේ හැකියාවක් තිබිණ. එයින් දින 10 කට පසු දරු පිලිසිඳ ගැනීම සිදු වී ඇති අතර   මෙම දරු ගැබ මාස 7 යි දින 40ක් පැවතියේ ය.  බිළිඳියගේ  උපත් බර ග්රෑම් 2330 කි.

මේ වන විට බිළිඳිය ගේ සෞඛ්‍ය තත්වය යහපත් තත්වයේ ය. මෙය වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව සඳහන් ය. මෙම සැත්කම සාර්ථක වීම හරහා දරුවන් ලැබිය නොහැකි කාන්තාවන් හ‍ට දරු සිහිනය තව දුරටත් මිරිඟුවක් නොවනු ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.