lakbima.lk

ගහකොළට ආදරය කර දඬුවම් ලැබූ ඇය අද ලෝකයේම ගෞරවය ලබන පරිසර වේදිනියක්

ගහ කොළවලින් තොර ජීවයේ පැවැත්මක් නැහැ. ඇත්ත කතාව ඒකයි. එ්ත් දවසකට වනාන්තරවල කොයිතරම් නම් ගස් කැපෙනවාද? මේ විනාශකාරි තත්ත්වයට විරුද්ධ වන, පරිසරයට ආදරය කරන පිරිසකුත් ලෝකයේ නැතුවා නොවෙයි. ඔවුන් නිසා තමයි අපේ පරිසරය මේ තරමින් හෝ ආරක්ෂා වී තිබෙන්නේ.

වන්ගාරි මාතයි මුටා කියන්නෙත් එ්  වගේ කාන්තාවක්. ඇය උපන්නේ 1940 අපේ‍්‍රල් 01 වැනිදා අපි‍්‍රකානු මහාද්වීපයට අයිති කෙන්යාවේදියි. ඇය ගොවි පවුලක සාමාජිකාවක්. එ් නිසා ගස් වැල් සමග ඇයට තිබෙන්නේ බොහොම දිගු කාලයක පටන් තිබුණු නෑකමක්.

වන්ගාරි ඉගෙනීමට ඉතාමත් දක්ෂයි. ඇයට 20 වැනි වියේදී විශ්වවිද්‍යාල උපාධියක් ලබාගන්නට හැකිවුණේ එ් නිසායි. ඇය උපාධිය ලබාගත්තේ ජීව විද්‍යාව සම්බන්ධවයි. මේ ජයග‍්‍රහණය එක්තරා විදිහක වාර්තාවක්. ඊට හේතුව එ් වෙද්දී මධ්‍යම හෝ බටහිර අප‍්‍රිකාවේ ආචාර්ය උපාධියක් හිමිකර ගත් මුල්ම කාන්තාව ඇය වීම නිසායි.

මේ වෙද්දී කෙන්යාවේ වනාන්තර විනාශය ඉතාමත් දරුණු විදිහට සිදුවෙමින් තිබුණා. බලය තිබෙන උදවිය තමන්ගේ හිතුමතේ්ම වනාන්තරවල ගස් කැපුවා. ඔවුන් රටේ පාලකයන්ගේ ‘ගජ හිතවතුන්’. එ් නිසා පාලකයින් මේ මහා පරිසර විනාශය නොදැක්කා, නොඇසුණා වගේ සිටියා.

”පරිසරය කියන්නෙ අපට ලැබිලා තිබෙන මිලක් නියම කරන්න බැරි මහා සම්පතක්. අපේ ජීවිත ආරක්ෂා වෙලා තියෙන්නේ මේ සම්පත නිසායි. මේ සම්පත තම තමන්ට  ඕනෑ විදිහට විනාශ කරන්නට කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැහැ.  අනාගත පරපුර වෙනුවෙන් අපි ගහකොළ අපේ පණ වගේ රැුකගන්න  ඕනෑ.” එ් විදිහට වන්ගාරි හඬනැඟුවේ බොහොම නිර්භීතවයි.

පරිසරයට ආදරය කරන විශාල පිරිසක් වන්ගාරි වටා එකතු වුණා. අවුරුදු 37 දී ඇය පැළ සිටුවීමේ ව්‍යාපාරයකට මුලපිරුවා. ඇය කෙරෙහි වැඩි අවධානයක් යොමුවුණු අනෙක් හේතුව තමයි ඇය ‘හරිත තීරු ව්‍යාපාරය’ ආරම්භ කිරීම. මෙය පරිසරය රැුකගැනීම වෙනුවෙන් කාන්තාවන් උනන්දු කරවන ව්‍යාපාරයක්. ඉතාමත් කෙටි කාලයක් තුළදී මේ ව්‍යාපාරය කෙන්යාවේ පමණක් නොවෙයි අප‍්‍රිකානු මහා ද්වීපයේ අනෙක් රටවල් අතරත් පැතිරුණා.

”මම කතා කරන්නේ  පරිසරය ගැන. පරිසරය රැකගන්න නම් පරිසරයට ආදරය කරන සාමාන්‍ය මිනිසුන් විතරක් හිටියට ප‍්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පරිසරයට ඇත්තටම ආදරය කරන දේශපාලකයනුත් ඉන්න  ඕනෑ.” වන්ගායි නොබියව කියා සිටියා.

වන්ගාරි මේ විදිහට අභියෝගාත්මකව කතා කළේ එ් කාලයේ කෙන්යාවේ ජනාධිපතිවරයා වූ ඩැනියෙල් ඇරොප් මොයිට විරුද්ධවයි. ඇය ඔහුට තදින්ම විරුද්ධව සිටියේ ඔහු අත්තනෝමතික අන්දමට කෙන්යාවේ උද්‍යානයක ගස් කොළන් කපා එහි ගොඩනැගිලි ව්‍යාපෘතියක් ආරම්භ කළ නිසයි.

වන්ගාරි ගෙනගිය මේ නිර්භීත විරෝධතාවය නිසා ඇයට කිහිප වරක්ම පහර කෑම්වලටත් බන්ධනාගාර ගතවීම්වලටත් මුහුණ දෙන්නට සිදුවුණා. එ් කවර බලවේගවලටවත් ඇයගේ පරිසර සංරක්ෂණ කි‍්‍රයාකාරිත්වය නතර කරන්න හැකි වුණේ නැහැ.

වන්ගාරිගේ ඊළඟ අරමුණ වුණේ කෙන්යානු දේශපාලනයට සම්බන්ධ වීමයි. ඇය එ් විදිහට සිතුවේ එ් තුළින් පරිසරය රැකගන්නට වඩාත් කි‍්‍රයාකාරීව සහභාගී වෙන්නට ලැබේවි යන අදහස නිසයි. එ් අනුව 2002 දී ඇය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. එහිදී ඇය ඡන්ද ප‍්‍රමාණයෙන් 98% ක් ලබාගත්තේ වාර්තාගත ජයග‍්‍රහණයක් හිමිකර ගනිමින්.

2003 දී ඇය බලාපොරොත්තු වුණු අරමුණ ඉටුවුණා. එ්, නියෝජ්‍ය පරිසර ඇමති ධුරය ලැබීමෙන්. එ් ධුර කාලය තුළදී ඇය කෙන්යානු රාජ්‍ය තන්ත‍්‍රය පරිසරයේ අයහපත වෙනුවෙන් ගත් තීරණ රැසකට එරෙහි වුණා. එ්, පරිසරයට ආදරය කරන ජන නායිකාවක් ලෙසින්.

පරිසරයේ යහපත වෙනුවෙන්   වන්ගාරිගෙන් ඉටුවුණු මෙහෙවර ලෝකයේම ගෞරවයට පත්වෙමින් 2004 දී ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමිවුණා. නොබෙල් ත්‍යාගයක් දිනාගත් මුල්ම අප‍්‍රිකානු කාන්තාව වන්නේද ඇයයි.

2011 සැප්තැම්බර් 25 වැනි දින පිළිකාවක් වැලඳීමෙන් වන්ගාරි ජීවිතයෙන් සමුගත්තා.

අදට කෙන්යාවේ ඉහළින්ම කතාබහට ලක්වෙන පරිසරවේදිනිය ලෙසින් ගෞරව ලබන්නේ ඇයයි.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.