lakbima.lk

ඉන්දියාවේ නිමවෙන ලෝකයේ උසම ප‍්‍රතිමාව

 

දැනට ලෝකයේ උසම හා විශාලතම පිළිමය වන චීනයේ ස්ප‍්‍රිංග් ටෙම්පල් හි පවතින බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පරදවා ඉන්දියාව විසින් ගුජරාට් ප‍්‍රාන්තයේ අහමද්බාද් නගරයට කි.මී 200 ක් නුදුරෙන් ‘ලෝකයේ උසම ප‍්‍රතිමාව’ නිර්මාණය කරමින් සිටියි.

ප‍්‍රතිමාව නිර්මාණය කරනුයේ සර්දාර් වල්ලබ්බායි පටේල් විරුවා සිහි වීම පිණිස ය. මොහු ඉන්දීය නිදහස් සටනේ ප්‍රධානතම පුරෝගාමියෙකි.  ඉන්දියාව 1947 දී නිදහස ලබා ගන්නා විට පටේල් මහතා  අගමැතිගේ නියෝජිතයෙක් බවට පත් විය. ජාතිවාදීන් විසින් මොහු හඳුන්වනු ලැබූවේ ‘ඉන්දියාවේ යකඩ මිනිසා‘ ලෙසයි.

නිර්මාණය කිරීමෙන් පසුව මෙම ප‍්‍රතිමාව උසින් මීටර් 182 ක් පත් වනු ඇත. මේ සඳහා ඉන්දීය රුපියල් බිලියන 29.9 ක් වැය වනු ඇත. ප‍්‍රතිමාව සඳහා සංකල්පය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ය. ප‍්‍රතිමාවට නම් තබා ඇත්තේ ද ‘සහයෝගීතාවයේ ප‍්‍රතිමාව‘ ලෙසයි.

මෙම ප්‍රතිමාව තැනීම ආරම්භ කර ඇත්තේ  2013 දී වන අතර නිම කර අවසන් වන විට ඇමරිකාවේ ලිබර්ටි පිළිමය මෙන් දෙගුණයක් උස් වනු ඇත. පිළිමයේ හදවතට ආසන්නයේ අවට බැලීමේ නැරඹුම් මැදිරියක් නිර්මාණය කිරිමට නියමිත ය. මෙම පිළිමය තැනීමෙන් අනතුරුව ගුජරාටය සුප‍්‍රකට  ඉන්දීය සංචාරක මධ්‍යස්ථානයක් වනු ඇතැයි විචාරක මතයයි. 

කෙසේවෙතත් මෙම ප‍්‍රතිමාව නිමැවුම සඳහා චීනයෙන් ද අත් උදව්කරුවන් සිය ගණනක් ගෙන්වා ඇත. වර්තමානයේ දී 2500 කට අධික පිරිසක් මෙම නිමැවුමට දායක වෙමින් සිටියි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.