lakbima.lk

ගංගාවක ගිලී නොපෙනී යාමට තිබූ දුපතක් ක්‍ෂේම භූමියක් කළ ජාදාව් පායෙන්ග්

ජාදාව් පායෙන්ග් ඉන්දියානු ජාතිකයෙක්. ඔහු ජීවත්වුණේ ඉන්දියාවේ විශාලම ගංගාවලින් එකක් වන බ‍්‍රහ්මපුත‍්‍ර ගංගාවේ පිහිටා තිබෙන දුපතකයි. එහි නම තමයි ‘මජුලි’ දුපත.  මජුලි දුපත ඉතාමත් විශාලයි. එ් විශාලත්වය කොයිතරම්ද කියනවා නම් අතීතයේ මෙය ලෝකයේ ලොකුම ගංගා දුපතක් විදිහටත් පිළිගැනුණා.

කාලයක් යද්දී මජුලි දුපතට නරක කලදසාවක් උදාවුණා. එහෙම වෙන්න හේතුව තමයි ගංගාවේ සැඩ පහර නිසා දුපතේ පස සෝදාගෙන යාම. මේ විදිහට දිගින් දිගටම සිදුවුණොත් තව අවුරුදු විස්සකින් පමණ මේ දුපත සහමුලින්ම නැති වී යන බවයි පරිසරවේදීන්ගේ මතය වුණේ.

එ්ත් ජාදාව් නිසා මජුලි දුපතට එ් අවාසනාවන්ත ඉරණම උදාවුණේ නැහැ. මජුලි දුපතේ එකම ගැලවුම්කරුවා වුණේ ඔහුයි.

ජාදාව්ගේත් මජුලි දුපතේත් සම්බන්ධය ඇතිවෙන්නේ 1979 දී. එ් වෙද්දී ජාදාව්ගේ වයස අවුරුදු 16 යි. දවසක් ඔහු දුටුවා ගෙඟ් ඉවුරු දෙපැත්තේ සර්පයන් බොහොමයක් මැරී තිබුණු අන්දම. ඔහු මීට හේතුව ගැඹුරින් සොයා බැලූවා. එවිට අවබෝධ වුණු දෙයක් තමයි දුපතේ උණුසුම අධික වීම. වරින් වර දරුණු විදිහට ගං වතුර ගැලීම නිසා දුපතේ ගස් කොළන් විනාශ වෙන්න පටන් ගත්තා. මේ විදිහට ගස් කොළන් අඩුවීම නිසයි දුපතේ උණුසුම ඉහළ ගොස් තිබුණේ.

”මේ දුපත බේරගන්න මට මොනවද කරන්න පු`ඵවන්?” මේ ප‍්‍රශ්නය ගැන ජාදාව් නිතරම කල්පනා කළා.

”මේ දුපතේ ගස් දවසින් දවස මැරීගෙන යනවා. මට හිතෙන විදිහට කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. එ් තමයි ගස් හිටවීම.” ජාදාව් තීරණයකට එළඹුණා.

ජාදාව් මජුලි දුපතේ ගස් වවන්න පටන්ගත්තා. ඔහු මේ කටයුත්ත අවුරුදු තිස්නවයක් තිස්සේ ඉතාමත් කැපවීමෙන් ඉටුකළා. එ් කිසිම කෙනෙකුගේ උදවුවක් නැතිව තනිවමයි. එ් වටිනා උත්සාහය කොයිතරම් දුරට සාර්ථක වී තිබෙනවාද කියනවා නම් අද මජුලි දුපත කෙනෙකුට පෙනෙන්නේ හෙක්ටයාර් 550 ක් පමණ විශාල හොඳින් ගස් වැවී තිබෙන ඉතාමත් සරුසාර වනාන්තරයක් විදිහටයි. 

මේ වෙද්දී මජුලි දුපතේ සතුන් බොහොමයක් දැකගන්නට පු`ඵවන්. අලි ඇතුන්, බෙංගාලි ව්‍යාඝ‍්‍රයින්, රයිනෝසිරස් ආදී සතුන් රැසක් අද මෙහි ජීවත් වෙනවා.

මජුලි දුපත ගං වතුර උවදුරෙන් වඩාත් හොඳින් රැකගන්න ජාදාව් සහ මේ දුපතේ වැසියන් එක්වී දුපත වටා වේලි බැඳ තිබෙනවා.

අවුරුදු විස්සකින් අතුරුදන් වෙන්නට තිබුණු මජුලි දුපත අද බොහොම අලංකාර, ආරක්ෂාකාරී තැනක් වී අවසන්. මේ දුපත අද පවතින්නේ ජාදාව් පායෙන්ග් කියන පරිසරයට ඉතාමත් ළැදි, පරිසරය රැකගන්නට අවංකව කැපවීමෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨ මිනිසා නිසයි.

මේ සද්කි‍්‍රයාව අගය කරමින් ඉන්දීය රජය ජාදාව්ට ඉන්දියාවේ උසස්ම සිවිල් සම්මානය විදිහට පිළිගැනෙන ‘පද්ම ශ‍්‍රී සම්මානය’ පිරිනැමුවා. අද ඔහු වඩාත් ප‍්‍රසිද්ධ වී සිටින්නේ ‘ඉන්දියාවේ වනාන්තර මිනිසා’ (Forest man of India) යන අන්වර්ථ නමින්. 

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.