lakbima.lk

අප්‍රසිද්ධ පොත් රහස්

 ‘ලෝකයේ මිල අධිකම’ පොත ලෙස සැළකෙන්නේ ලියනාර්ඩෝ ඩාවින්චි  විසින් රචිත ‘Codex Leicester’ නම් ග‍්‍රන්ථයයි. මෙම ග‍්‍රන්ථය  ලියනාර්ඩෝ ඩාවින්චි විසින් රචිත විද්‍යා සඟරාවකි. කෝටිපති බිල් ක්ලින්ටන් මෙම විද්‍යා සඟරාව මිලට ගෙන ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 30.5 කට ය.

 ‘ලෝකයේ  දිග ම ග‍්‍රන්ථය’ ලෙස විරුදාවලිය ලබා ඇත්තේ ‘A la recherché du temps perdu’ ග‍්‍රන්ථය යි. එහි අක්ෂර ගණන පමණක් 9 609 000 ක් වේ. මෙම ග‍්‍රන්ථය රචනා කර ඇත්තේ Marcel Proust විසිනි. ඉංගී‍්‍රසි පරිවර්තනය නම් කර ඇත්තේ Remember of Things Past ලෙසයි.

‘දීර්ඝතම වාක්‍යය හිමි පොත’ වන්නේ වික්ටර් හියුගෝ විසින් රචිත ‘Les Miserables ‘ (මනුතාපය)  නම් පොතයි. එම වාක්‍යය තුළ පවත්නා වචන ප‍්‍රමාණය 823 කි. එම දිගු වාක්‍යය සඳහා පිටු 2 1/2 ක ඉඩක් අවශ්‍ය වී ඇත.

ජේ.කේ. රෝලින්ග් ගේ සැබෑ නාමය වනුයේ ‘ජොආනා රෝලින්ග්’ ය. ඇය පොත් ලිවීම සඳහා භාවිත කළ වෙනත් ආරූඪ නම් අතර ‘රොබර්ට් ගැල්බ්‍රෙයිත්’ යන නාමය ද  ප‍්‍රධාන ය.

චාල්ස් ඩිකන්ස් වනාහි  වාසනාව විශ්වාස කළ අයෙකි. විශේෂයෙන් ම උතුරු දිශාවට ඔලූව දමා නිදා ගැනීමෙන් ලිවීමේ හැකියාව වර්ධනය වන බව ඔහු විශ්වාස කළේය. එබැවින් ඔහු නිරතුරුව නිවසින් පිටතට යෑමේ දී මාලිමාවක් පවා ගෙන ගොස් ඇත.

ලියෝ ටොලොස්ටෝයි විසින් රචිත ‘යුද්ධය හා සාමය’ පොත පිටු 1400 කින් සමන්විත කෘතියකි. ටොලොස්ටෝයි ගේ බිරිඳ සොෆියා විසින් මෙම කෘතිය 7 වතාවක් සියතින් පිටපත් කර ඇත.

චීනයේ හු ආං ප‍්‍රාන්තයේ  ආණ්ඩුකාරවරයා  විසින් ලූවිස් කැරොල්ගේ ‘ඇලිස්ගේ විස්මලන්තය‘ පොත තහනම් කරන ලදී. ඒ මිනිස් භාෂාව සතුන් වෙත ආරෝපණය කිරීම උචිත නොවන බව පැවසීමෙනි. ‘ඇලිස් ගේ විස්මලන්තය’ කෘතිය ලුවිස් කැරොල් රචනා කරනුයේ ද සත්‍ය වරිතයක් හරහා වීම විශේෂත්වයකි. ඒ ඇලිස් ලිඩෙල් නම් ඇයගේ සමීප මිතුරියක් හරහා ය. එම මිතුරිය සමඟ බෝට්ටු සවාරියක් ගිය අතරතුරේ දී කුඩා දැරියක් පැවසූ කතන්දරයක් ඇසුරින් මෙම කෘතිය රචනා කර ඇත.

ටයිප් රයිටරයක් මඟින් මුද්‍රණය වූ පළමු ග‍්‍රන්ථය වන්නේ මාර්ක් ට්වේන් ගේ ‘ටොම් සෝයර් ගේ වීර ක‍්‍රියා’ ග‍්‍රන්ථයයි.

ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් දිනකට එක් පොත බැගින් කියවීම පුරුද්දක් කර ගත් ශ්‍රේෂ්ඨ ඇමරිකානු ජනාධිපතිවරයෙකි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.