lakbima.lk

චොක්ලට් එපා කියන ප‍්‍රංශ වැසියෝ

ප‍්‍රංශයේ විවාහ උත්සවයක අවසාන අංගය තමයි මනාල යුවළවල් ඇති තරම් චොක්ලට් කන්න දීම. නමුත් බොහොමයක් මනාල යුවළ් මේ වැඬේට කැමති නෑ. ඒ කියන්නේ චොක්ලට් කන්න නෙවෙයි, විවාහ උත්සවය දවසේ චොක්ලට් කන්න. ඒකට හේතුව තමයි මේ චොක්ලට් ඔවුන්ට ලබා දෙන්නේ කන්න හිතෙන ආකාරයට නම් නෙවෙයි.
ඒ කියන්නේ චොක්ලට් දිය වුණාට පස්සේ ඒවාට පාන් පිටි හෝ වෙනත් දේවල් දාලා, පත්තර කොලයක් උඩ තියලා හෝ අපිරිසිදු බඳුනකට දාලා තමයි කන්න දෙන්නේ. සමහර විට කොමොඞ් එකක හැඩයේ බඳුන්වලටත් දාලා දෙන අවස්ථාත් තියනවා. මේ විදියට අපිරිසිදු චොක්ලට් කෑවාම ඔවුන්ට මුළු ජීවිතය පුරාම සියලූම කරදර බාධක ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා කියලා මතයක් තියනවා. ඒ නිසා ඔවුන් බොහොම අකමැත්තෙන් සහ අප‍්‍රසන්න හැ`ගීමකින් යුතුව මේ අපිරිසිදු චොක්ලට් පුංචි කැබැල්ලක් හරි කන්න උත්සාහ කරනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.