lakbima.lk

සූර්ය ගවේෂණයට යානයක්

මිනිසා සඳ තරණය කොට අඩසියවසකට ආසන්නය. එතැන් සිට ඔහු සිය බුද්ධිය මෙහෙයවූයේ වෙනත් ග්‍රහලෝක ජයගන්නටය. එහෙත් කෙදිනක හෝ මිනිසා සූර්යයා ජයගනු තබා ඒ සමීපයට හෝ යන්නට සිතනු ඇතැයි කිසිවකුත් නොසිතුවේය. කිසිවෙකුත් නොසිතන දේ ප්‍රති නිර්මාණය කෙරෙනා සැලසුම් සදන්නට සැබෑ රුසියෝ අභ්‍යවකාශ විද්‍යාඥයෝය. නාසා ආයතනයේ එවන් විද්‍යාඥයන් පිරිසක් මිනිස් වර්ගයා සිතන්නටවත් නොපෙලඹුණු ක්‍රියාවකට පසුගිය 12 වැනිදා මුල් පියවර තැබිය. ඒ සූර්යාගේ වායුගෝලයට ඇතුළුවිය හැකි අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කිරීමය.
2009දී ප්‍රකාශයට පත් කරන ලද මේ ව්‍යාපෘතිය සාදනු ලැබුවේ ජෝන් ගොජකින් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයේදීය. මෙම යානය නම්කර ඇත්තේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉවිජින් පාකර්ගේ නමිනි. ජීවතුන් අතර සිටිනා කෙනෙකුගේ නමින් නාසා ආයතනය අභ්‍යවකාශ යානයක් නම් කළ මුල්ම අවස්ථාව මෙය ලෙසින් හැඳින්වෙයි. 'පාකර් සෝලර් ‍ප්‍රොබේ' ලෙසින් හැඳින්වෙන මෙම යානයට හිරුගේ වායුගෝලයට ඇතුළුවීමට මෙන්ම එහි (සූර්යයාගේ) මතුපිට සිට කිලෝ මීටර් මිලියන 6.2ක් දුරට සමීප විය හැකි වීම
විශේෂත්වයකි. පසුගිය 12 වැනිදා කානවරල් තුඩුවෙන් මෙම යානය ගුවන් ගත කළේ 'Delta IV Heavy' නම් රොකට්ටුව යොදාගෙනය. සෙල්සියස් අංශක 1000ක් තරම් ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන මෙම යානය සූර්යා ගැන පරීක්ෂණ කිරීමට අත්‍යවශ්‍ය Solar wind Electrons Alpbas and protons investigetors වැනි උපකරණවලින්ද සමන්විතය.
පෘථිවිවාසීන් මිලියන 1.1කගේ නම් සඳහන් මයික්‍රෝ චිපයක් මෙහි ඇතුළත් කර ඇත. මේ පිරිස තෝරාගෙන ඇත්තේ අයැදුම්පතක් කැඳවීමෙන් බව වාර්තා වන අතර එම මයික්‍රෝ චිපයට Solarphysics  පිළිබඳ මහාචාර්ය පාකර් ලියූ ලිපියක්ද ඇතුළත් බව වාර්තා වෙයි.

තරුෂ ප්‍රනාන්දු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.