lakbima.lk

කැස්පියන් මුහුද රටවල් පහක් බෙදා ගනී


වසර  20ක් තිස්සේ ඉරානය හා රුසියාව අතර බෙදී ගොස් තිබූ කැස්පියන් මුහුද සම පාර්ශවීය ගිවිසුමක් මඟින් රාජ්‍යයන් 5ක් අතර බෙදා වෙන් කර ගැනීමට තීරණය  කර ඇත. ඒ අනුව මෙසේ කැස්පියන් මුහුද බෙදා වෙන් කර ගනු ලබන රාජ්‍යයන් වන්නේ රුසියාව,ඉරානය,අසර්බයිජානය,කසකස්ථානය හා තුර්කිමෙනිස්ථානයයි.පසුගිය ඉරිදා ( 12 ) දා කසකස්ථානයේ අකාටු නගරයේ දී රාජ්‍ය නායකයන් 5 දෙනාගේ ප‍්‍රමුඛත්වයෙන් මෙම නෛතික තීරණය ගැනිණ.
මෙම 'නෛතික ගිවිසුම' මඟින්  කැස්පියන් මුහුද අභ්‍යන්තරයේ ඇති සම්පත් බෙදී යන ආකාරය, භෞමික අයිතීන් පිළිබඳව ද ඇතුලත් කරන බව ප‍්‍රකාශ කර ඇත. එමෙන් ම වෙනත් කලාපීය බලවතෙකු මෙම මුහුදු කලාපයට ප‍්‍රවිශ්ඨ වීමට ඉඩ නොදීම ද එක් අරමුණකි.
ලෝකයේ  විශාලතම  අභ්‍යන්තර මුහුද ලෙස සැලකෙන කැසපියන් මුහුද වර්ග කි.මී 370 000 කි. 1991 සෝව්යට් සංගමය බිඳ වැටෙන තෙක් ම එහි නෛතික අයිතිය පැවතියේ රුසියාව හා ඉරානය අතර යි.  නමුදු 1991 න් පසුව හට ගත් නව ලෝක පර්යාය  තුළ බිහි වූ නව බලවත් රාජ්‍යයන්  රැසක් කැස්පියන් මුහුදේ නෛතික අයිතිය ලබා ගැනීම සඳහා වෙර දැරීය. මෙයින් ප‍්‍රමුඛත ම රාජ්‍යයන් වූයේ රුසියාවේ පැරණි රාජ්‍යයන් සමූහයයි.
කැස්පියන් මුහුද ‘අභ්‍යන්තර මුහුදක්‘ ලෙස හඳුනා නොගත් ඉරානය එය බොහෝ කාලයක් හැඳින්වූයේ 'විලක්' ලෙසයි. කෙසේවෙතත් කැස්පියන් මුහුද ‘අභ්‍යන්තර මුහුදක්‘ ලෙස ‘එක්සත් ජාතීන්ගේ සාගර නීතියට‘ අනුව පිළිගැනේ.
මෙම ගිවිසුම මඟින් කවර රටකට වාසි ලැබේ ද යන්න තවම නිශ්චිත නැතත් කැස්පියන් මුහුදේ කුඩා ම වෙරළ හිමි ඉරානය  මෙයින් අවාසි සහගත තත්වයකට මුහුණ පානු ඇති බවට  මතයක් නිර්මාණය වී ඇත.
කෙසේවතත් නුදුරේ දී ඛනිජතෙල් හා ගෑස් සම්පතින් අනූන ‘කැස්පියන් මුහුද‘ ලෝක කලාපීය බලවතුන් අතර බල තරගයක් නිර්මාණය කරනු නොඅනුමාන ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.