lakbima.lk

අරුම පුදුම ගෙවල් පහක්

‘නිවහනක්’ කියන්නෙ සීතලට වැස්සට ඔරොත්තු දෙන්න හදන උණුසුම් ආදරණීය ස්ථානයක්. ලෝකයේ විවිධ රටවලට මිනිස්සු බහුතරයක් ම  ‘නිවස’ කියන සංකල්පෙ හිතට ගත්තෙ තමන්ගෙ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට කිව්වොත් නිවැරදියි. මේ ගතානුගතික සිතුවිල්ලෙන් ඔබ්බට ගිය අපූරු නිවාස නිර්මාණ කිහිපයක් ගැනයි මේ තතු.

මේ අපූරු නිවහන පිහිටා තිබෙන්නේ සර්බියාවේ බෙල්ගේ‍්‍රඞ් අගනුවර සිට  160km දුරින් පිහිටා ඇති බටහිර සර්බියානු නගරයක් වන බජිනා බැස්ටා වල. 1968 දී තරුණයන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබූ මේ නිවහන ඞී‍්‍රනා  ගංඟාවේ කුඩා ගල් පර්වතයක් මත ඉදි කරනු ලැබූවක්.

ලියූ ලින්චා ඕ චීනයේ ග්වැන්ස්කි ස්වාන්ග් ස්වායක්ත ප‍්‍රදේශයේ 38 වියැති කුණු එකතු කරන්නෙක්. ඔහු මේ  අරුම පුදුම නිවහන සාදා ගන්නේ 2013 වර්ෂයේ දී. එ් ඉවතලන බම්බු, ප්ලාස්ටික් කෑලි සහ පොලිතින් එක් කරලා. මේ කුඩා නිවහන පළලින් මීටර් 1.5 ක් සහ උසින් මීටර් 2 ක්  වෙනවා. දිනකට කි.මී 20 ක් කිලෝ 60 ක් උසුලන් යන ලියූ අමාරුවෙන් තනා ගත් මේ කුඩා නිවහනට බෙහෝ ආදරේ බවයි දැන ගන්නට ලැබන්නේ. 

A 380 එයාර්බස්  හැඩයෙන් ගොඩනැගුණු මෙම නිවහන පිහිටා තිබෙන්නේ  ලෙබනනයේ මිසියාරා ප‍්‍රදේශයේ.  මෙම ප‍්‍රදේශය නම් දරා තිබෙන්නේ ඉපැරණි ග‍්‍රීක දේවාල හා ඊජිප්තු නටබුන් ආකෘතියේ නිවාස නිර්මාණයන් සඳහා යි. එවන් සාම්ප‍්‍රදායික නිර්මාණ අතර මේ නිවසේ නිර්මාණය ඉතා විශේෂ ලෙසයි එහි වැසියන් සලකනුයේ.

මෙම ගෝලාකාර නිවෙස් 70 දක්නට ලැබෙන්නේ ඉන්දුනීසියාවේ යොග්‍යාකාටා ඉපැරණි නගරය ආසන්නයේ පිහිටි සුම්බර්හර්ජෝ ගම්මානයේ ය. මෙ නිවාස ඉදිකරනු ලැබුවේ ඇමරිකානු ආධාර මතයි. ඒ සුම්බර්හර්ජෝ ගම්මානයට 2007 දී බලපෑ භූ කම්පනයකින් සිදු වූ හානිය වෙනුවෙනි.

 

24 වියැති  ඩායි හයිෆෙයි ගේ බිත්තර නිවහන ගොඩනැෙගන්නේ 2010 දී. ඒ චීනයේ බීජිංහි  පිහිටි ඔහුගේ කාර්යාලය සමීපයේ. මේ අරුම පුදුම බිත්තර නිවහන ගොඩ නැඟීමට ඇමරිකන් ඩොලර් 1000ක් වැය වී ඇති අතර මතුපිට ආවරණය සැකසීම සඳහා බම්බු කැබලි හා මෙට්ටයක් යොදා ගෙන ඇති අතර එමඟින් උණුසුම හා ජලය පාලනය කිරීම සිදුවෙයි. වසන්ත කාලයේ දී මෙට්ටය තුල ඇති ලී කුඩු හා තණ කොල ඇට නිසා මේ නිවහන ශාක ආවරණයක ස්වරූපය ගන්නා බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ඩායි මෙම නිවහන ජංගම නිවහනක් ලෙසින් භාවිතා කරයි.

මූලාශ‍්‍ර අන්තර්ජාලයෙනි

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.