lakbima.lk

වසරක් තුළ ලොව වැඩිම ආදායම් ඉපැයූ රංගන ශිල්පියා ජෝජ් ක්ලූනි

ලෝක ප‍්‍රකට ෆෝබ්ස් ස`ගරාව මගින් සිදු කළ සමීක්ෂණයකින් පසු එතෙක් මෙතෙක් වසරක් තුළ ලොව වැඩිම ආදායමක් ඉපැයූ රංගන ශිල්පියා ලෙස සුපිරි හොලිවුඞ් නළු ජෝජ් ක්ලූනි නම් කර තිබේ.

පසුගිය වසරේ ජුනි මස පළමු වැනිදා සිට මෙම වසරේ ජුනි මස පළමුවෙනිදා අතර කාලය තුළ රංගනය වෙනුවෙන් ඔහු උපයා ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 239 කි. මෙය රංගන ශිල්පය වෙනුවෙන් යමෙකු විසින් උපයන ලද ලොව වැඩිම මුදලය’’ පසුගිය වසර දක්වා වාර්ෂිකව

ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක මුදලක් ආදායම් බදු ලෙස ඇමෙරිකානු රජය වෙත ගෙවූ ක්ලූනිට මෙම වසරේ සිට එම මුදල මෙන් තුන් ගුණයක පමණ මුදලක් බදු ලෙස ගෙවන්නට සිදු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දේ.

මෙම වාර්තාගත ඉපැයීමත් සමග ලොව වැඩිම ආදායම් ලබන ජනප‍්‍රිය පුද්ගල ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයට පත් වන්නට ඔහුට අවස්ථාව ලැබී ඇත. එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකානු ජාතික වෘත්තීය බොක්සිං කී‍්‍රඩක ෆ්ලොයිඞ් මේවෙදර් ය. 2013 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වූ සහ 2014 ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලවල සම්මාන 34 ක් දිනා ගැනීමට සමත් වූ ”ග‍්‍රැවිටි” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වූයේ ක්ලූනි සමග සැන්ඩ‍්‍රා බුලොක් ය.

බි‍්‍රතාන්‍ය ලෙබනන් සම්භවයක් සහිත අධිනීතිඥවරියක වන අමාල් අලමුද්දින් සමග විවාහ වී සිටින ක්ලූනි 2017 වසරේ ජුනි මස උපත ලද එලා සහ ඇලෙක්සැන්ඩර් නම් වූ නිවුන් දරුවන් නිසා පිය පදවියට පත් වූවේය.

දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.