lakbima.lk

කුඩා දේවල් අස්ථාන ගතවීම වළක්වන උපකරණයක්

යතුරු, ඇතැම් විට දුරස්ථ පාලක, පෙන් ඩ‍්‍රයිව් වාගේ දේවල් ඇතැම් අවස්ථාවල දී තියපු තැන අමතක වෙනවා. ඊට පස්සේ හොයන්න ගියාම සෑහෙන කරදරයකට පත් වෙනවා. මෙවැනි කරදරවලින් ඔබ මුදවා ගන්නට තමයි Nonda AIKO Finder Smart Rechargeable Tracker කියන අපූරු ගැජට් එක හ`දුන්වා දී තිබෙන්නේ. ඔබ කළ යුතු වන්නේ යතුර සමග ඇති කී ටැග් එක වෙනුවට මේ උපකරණ සම්බන්ධ කිරීමයි. එ් විදියට දුරස්ථ පාලකයට, පෙන් ඩ‍්‍රයිව් එකට හෝ ඔබට අවශ්‍ය  ඕනෑම එකකට මෙය සවි කොට තැබිය හැකියි. ඉන්පසු බ්ලූටූත් ඔස්සේ ඔබේ ස්මාර්ට් දුරකථනය සහ මෙම උපකරණය සම්බන්ධ කළ යුතුයි. මේ උපකරණයේ ජීපීඑස් පහසුකම තිබෙන අතර එය නිවසේ කොතැනක තිබේද කියා එහි සටහන් වෙනවා. යම් විදියකින් එය අස්ථානගත වී ඇත්නම් ඔබ කළ යුත්තේ මෙම උපකරණයට අදාළ ඇප් එකට ගොස් අස්ථානගතවී ඇති දෙය සෙවීම ස`දහා විධානය දීම පමණයි එවිට මෙම උපකරණයෙන් නාදයක් නිකුත් වන්නට පටන් ගන්නවා. එවිට අස්ථානගත වූ දෙය පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන්. මෙයින් ඩෙසිබල් 90 ක පමණ ශබ්දයක් නිකුත් වන නිසා අස්ථානගත වූ දෙය අස්සක මුල්ලක වැටී තිබුණත් සොයා ගැනීම ගැටලූවක් වන්නේ නැහැ. එක් වරක් ආරෝපණය කළ පසු මෙය එය සති හතරක පමණ කාලයකට ප‍්‍රමාණවත්. අනෙක බැටරි බැස ඇත්නම් එය ද පෙන්වන්නට මේ උපකරණයට හැකියාව තිබෙනවා. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 18.99 ක් හෙවත් රුපියල් 3,019ක් පමණ වෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.