lakbima.lk

ලොකකුසලාන පාපන්දුව යට සැඟවුණු මේ කතා ටිකත් දැනගමු

පසුගිය ජූනි මාසයේ 15 වැනිදා ආරම්භ කළ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ක්‍රොඑ්ෂියාවත් ප‍්‍රංශය අතර අවසන් මහා තරගය පැවැත්වෙන බැවින්  අද මුළු ලොවටම නිදි නැති රැයක් උදාකරනවාට කිසිදු අනුමානයක් නැහැ. කෙසේ වෙතත් අවසන් තරගයෙන් කවුරුන් ජයග‍්‍රහණය කරනු ඇති දැයි අනාවැකි පළකිරීම එ් තරම් සාධාරණ නැහැ.  යුරෝපා මහද්වීපය නම් දැනට ලැබී ඇති ප‍්‍රතිඵලවලින් මහත් උද්දාමයකට පත්ව තිබෙනවා. එයට හේතුව අර්ධ අවසාන තරග සඳහා යුරෝපියානු රටවල් පමණක් සුදුසුකම් ලැබ තිබූ නිසයි. ඉරිදා රාති‍්‍රය උදා වන තුරු ඉවසිල්ලක් නැති ඔබට ලෝක පා පන්දු කුසලාන තරගාවලිය පිටුපස සැඟවුණු තවත් තොරතුරු කිහිපයක් මේ විදියට කියන්න අපි අද කල්පනා කළා.

තරගාවලි තොරතුරු

ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 32ක් තරග කරයි. එයට සත්කාරක රට ද ඇතුළත් වන අතර ඔවුන් සත්කාරක රට නිසා  තරගාවලිය සඳහා ඉබේම සුදුසුකම් ලබනවා. 1978 වන තෙක් මේ ස`දහා තරග වැදුණේ කණ්ඩායම් 16ක් පමණක් වූ අතර 1994 වන විට එය කණ්ඩායම් 24 ක් දක්වා වර්ධනය වුණා.

ලෝකයේ සුප‍්‍රකටතම පාපන්දු ලෝක ශූරතා තරගාවලිය හැරුණු කොට ෆිෆා ආයතනය තවත් ලෝක පාපන්දු තරගාවලි කිහිපයක්ම සංවිධානය කරනවා. එ්වා ෆිෆා 20න් පහළ ලෝක කුසලානය, ෆිෆා 17 න් පහළ ලෝක කුසලානය, ෆිෆා 20 න් පහළ කාන්තා ලෝක පාපන්දු කුසලානය සහ ෆිෆා 17න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය නමින්.

දැනට පවත්වා ඇති පාපන්දු ලෝක ශූරතා තරගාවලි අතරින් අධික වියදමක් දරා ඇත්තේ 2014 දී බව පැවැසෙනවා. එවර ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක් වියදම් වී තිබෙනවා. එය අපේ රටේ මුදලින් නම් රුපියල් බිලියන 2230කටත් අධිකයි. අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය හෝ දළ ජාතික නිෂ්පාදනය හෝ පවතින්නේ මෙයට වඩා බොහෝ ප‍්‍රමාණයක් පහතින්.

ජයග‍්‍රාහී කුසලානය තනා තිබෙන්නේ කැරට් 18 රත්තරන්වලින්. එය සෙන්ටිමීටර් 36ක උසකින් යුක්තයි. බරින් කිලෝ ග‍්‍රෑම් 6.175ක් වෙනවා. ජයග‍්‍රාහී කණ්ඩායම ඊළ`ග ලෝක කුසලානය දක්වා මෙය සිය රටේ තබා ගන්නවා. එයින් පසුව ඔවුන්ට ස්ථිර වශයෙන් හිමිවන්නේ රත්රන් ආලේප කරන ලද මෙහි අනුරුවක් පමණයි.

සාමාන්‍ය පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් සඳහා පේ‍්‍රක්ෂකයන් 50,000 ක් පමණ සහභාගී වෙනවා. වැඩිම පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් වාර්තා වන්නේ 1994 වසරේදීයි. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ අතර එවර සහභාගී වූ සංඛ්‍යාව 69,000 ක් පමණ වෙනවා.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් ස`දහා අඩුම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී වී ඇත්තේ 1950 වසරේදීයි. එවර සහභාගී වී ඇත්තේ කණ්ඩායම් 13ක් පමණයි.

සාමාන්‍යයෙන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් සත්කාරක රටක් පමණක් පැවැතියත් 2002 වසරේ දී සත්කාරක රටවල් දෙකක් නම් කොට තිබුණා. එ් ජපානය සහ දකුණු කොරියාවයි.

එක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී වාර්තා වුණු වැඩිම ගෝල ගණන ගැන අසන්නට ලැබෙන්නේ 1998 වසරේ ප‍්‍රංශයෙන්. ගෝල සංඛ්‍යාව 171 යි.

ක‍්‍රීඩකයන්ගේ වාසගම ඔවුන්ගේ ඇ`දුමේ පිටුපස ද, අංකය ඉදිරිපස ද ප‍්‍රදර්ශනය කිරීම මුලින්ම ආරම්භ කරන ලද්දේ 1994 තරගාවලියේදීයි.

1942 සහ 1946 වසරවලදී පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවලංගු කොට දැමුවා. එ් දෙවන මහා ලෝක යුද්ධය පැවැති නිසයි.

 මුලින්ම රූපවාහිනිය ඔස්සේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් විකාශය කරන ලද්දේ 1954 වසරේ ස්විට්සර්ලන්තයේ පැවැති තරගාවලියයි. චන්ද්‍රිකා තාක්ෂණයට ස්තූතිවන්නට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් මුළු ලෝකය පුරාම මුලින්ම විකාශනය කරන ලද්දේ 1970 දී මෙක්සිකෝවේ පැවැති තරගාවලියයි. 

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 1000 වැනි ගෝලය සනිටුහන් වීම වාර්තා වන්නේ 1987 වර්ෂයෙන්. එ් ගෝලය නෙදර්ලන්ත කණ්ඩායමේ රොබ් රෙන්සෙන්බි‍්‍රන්ක් විසින් ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගත්තා. 2000 වැනි ගෝලය ස්වීඩනයේ මාකස්  ඕල්බැක් විසින් එංගලන්තයට එරෙහිව 2006 වසරේ දී ලබා ගත්තා.

රටරටවල තොරතුරු

ඕනෑම රටක් සමග සස`දා බලද්දී වැඩිම පාපන්දු තරගාවලි සංඛ්‍යාවකට සහභාගී වී ඇත්තේ ජර්මනියයි.

පාපන්දු ලෝක ශූරතා කුසලානය වැඩිම වාර ගණනක් දිනා ගෙන ඇත්තේ බ‍්‍රසීලයයි. මේ වන විට ඔවුන් 5 වතාවක් පා පන්දු ලෝක කුසලානය දිනා ගෙන තිබෙනවා. එ් වගේම සෑම පාපන්දු ලෝක කුසලාන තරගාවලයකටම සහභාගී වී ඇති එකම රට වන්නේ ද බ‍්‍රසීලයයි. ඒ වගේම මෙතෙක් පවත්වා ඇති තරග සියල්ලේම වැඩිම ගෝල ගණනක් වාර්තා කොට ඇත්තේ ද බ‍්‍රසීලයයි. සම්පූර්ණ ගෝල සංඛ්‍යාව 224 ක්.

1930 දී පවත්වන ලද මුල්ම පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජයග‍්‍රාහකයා වූයේ උරුගුවේ රාජ්‍යයයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලි අතර අසාර්ථකම කණ්ඩායම වන්නේ නෙදර්ලන්තයයි. ඔවුන් තෙවතාවක් දෙවැනි ස්ථානයත්, එක් වරක් සිව්වැනි ස්ථානයත් දිනා ගත්ත ද කිසිදා ලෝක කුසලානය දිනා ගෙන නැහැ.

ලොව ප‍්‍රථම පාපන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලයක් පැවැත්වූයේ 1992 වර්ෂයේදී චීනයේදීයි. එය ජයග‍්‍රහණය කළේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 1982 වර්ෂයෙන්. එ් තරගාවලියේ දී හංගේරියාව විසින් එල්-සැල්වදෝරය ගෝල 10-1 ක් වශයෙන් පරාජයට පත් කළා. එ් වගේම කණ්ඩායම් දෙකක් එක්ව වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා වන්නේ 1954 වර්ෂයේදී. එහිදී ඔස්ටි‍්‍රයාව විසින් ස්විට්සර්ලන්තය ගෝල 7 -5ක් වශයෙන් පරාජයට පත් කළා. වාර්තා ගත සම්පූර්ණ ගෝල ගණන 12ක්.

දෙවැනි ලෝක යුද්ධයේ දී මිත‍්‍ර පාර්ශ්වික රටක් නොවූ නිසා 1950 වර්ෂයේදී පවත්වන ලද පාපන්දු ලෝක කුසලාන තරගාවලිය, ජර්මනියට සහ ජපානයට තහනම් කෙරුණා.

විදෙස් පුහුණුකරුවකු යටතේ පැවති කිසිදු කණ්ඩායමක් මෙතෙක් කිසිදු ලෝක කුසලානයක් දිනා ගෙන නැති බව විශේෂයෙන් ස`දහන් කළ යුතුයි.

දකුණු ඇමෙරිකාව සහ යුරෝපය යන කලාපවලට අයත් රටවල් හැර වෙනත් කිසිදු රටක් මෙතෙක් පාපන්දු ලෝක කුසලානය දිනා ගෙන නැහැ.

කණ්ඩායම් අදියරවල දී එකදු තරගයක් හෝ පරාජයට පත් නොවී ලෝක කුසලානය තෙවතාවක්ම දිනා ගැනීමේ ගෞරවය සහිත එකම රට වන්නේ එංගලන්තයයි.

වැඩිම තරගාවලි සංඛ්‍යාවක් පරාජයට පත්ව ඇත්තේ මෙක්සිකෝවයි.

පුද්ගල තොරතුරු

පාපන්දු ලෝක කුසලාන තරගාවලි වැඩිම සංඛාවකට සහභාගී වී ඇත්තේ ජර්මනියේ ලොතාර් මතියෙස්. ඔහු තරග 25 කට සහභාගීවී තිබෙනවා.

1930 වර්ෂයේ පවත්වන ලද ප‍්‍රථම පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ  මුල්ම ගෝලය වාර්තා කරන ලද්දේ ප‍්‍රංශයේ ලූසියන් ලෝරන් විසිනුයි. 

අවස්ථා දෙකක දී වෙනස් රටවල් දෙකක් වෙනුවෙන් තරග කළ ක‍්‍රීඩකයකු ගැන පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයෙන් වාර්තා වෙනවා. එ් ලූයිස් මොන්ටි. ඔහු 1934 වසරේ දී ආර්ජන්ටිනාව වෙනුවෙන් ද, 1934 වසරේ දී ඉතාලිය වෙනුවෙන් ද තරග වැදුණා.

එකිනෙකට වෙනස් කණ්ඩායම් 5 ක් ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කළ එක් පුහුණුකරුවකු ගැන ද අසන්නට ලැබෙනවා. ඔහු බෝරා මිලූටිනොවික්. ඔහු විසින් මෙක්සිකෝ, කොස්ටාරිකා, ඇමෙරිකා එක්සත් ජනපද, චීන සහ නයිජීරියා යන කණ්ඩායම් පුහුණු කොට තිබෙනවා.

එක් තරගයක් තුළ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කරන ලද්දේ 1958 වසරේ දී ප‍්‍රංශයේ ජස්ට් ෆොන්ටේන්. ඔහු ගෝල 13ක් වාර්තා කළා. මෙහි විශේෂතම කාරණය වන්නේ ඔහු ක‍්‍රීඩා කළ එකම පාපන්දු ලෝක කුසලානයත් එයම වීමයි.

ලෝක පාපන්දු ශූරතා තරගාවලියක ගෝලයක් වාර්තා කළ ළාබාලම ක‍්‍රීඩකයා වන්නේ බ‍්‍රසීලයේ පේලේ. 1958 වසරේ දී ඔහු එය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 17 යි දින 239 ක් වුණා. එ් වගේම ගෝලයක් වාර්තා කළ වැඩිමහලූම පුද්ගලයා වන්නේ රොජර් මිල්ලා. 1994 වසරේ දී ඔහු ගෝලයක් වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 42යි දින 39 ක් වුණා. 

අපූරු තොරතුරු

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 193 ක් වුවත්, ලෝක පාපන්දු ෆෙඩරේෂනයේ සාමාජික රටවල් සංඛ්‍යාව 209 ක් වෙනවා.

ක‍්‍රිකට් සහ පාපන්දු ලෝක කුසලාන තරගාවලි දෙකටම සහභාගී වන්නට තරම් භාග්‍යයක් හිමි වූ එකම පුද්ගලයා සර් විවියන් රිචර්ඞ්ස් වනවා.

පාවහන් රහිතව තරගාවලයට සහභාගී වන්නට අවශ්‍ය යැයි පැවැසූ නිසා 1950 වසරේ දී ඉන්දියාව තරගාවලියෙන් ඉවත් කරන්නට සිදු වුණා. ඔවුන් පාපන්දු ලෝක ශූරතාවයකට සුදුසුකම් නොලැබූ එකම අවස්ථාව මෙයයි.

නෙදර්ලන්ත කණ්ඩායමේ වසර 14 ක් මුළුල්ලේම ‘වැන්’ නම සහිත ක‍්‍රීඩකයෙක් ක‍්‍රීඩා කළා.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.