lakbima.lk

විලියම් මුත්තම්මා බලන්න ගිහින්

මේ දවස්වල බි‍්‍රතාන්‍යයේ විලියම් ජෝර්දාන් සංචාරයක තමයි ඉන්නේ. මේ සංචාරය අතර ඔහු ඔහුගේ මුත්තම්මා බලන්න යන්නත් අමතක කළේ නැහැ. ඒ තමයි බැටන්බර්ග්හි ඇලිස් කුමරිය. ඇය විලියම්ගේ සීයා පිලිප් කුමරුගේ මව. එහෙමත් නැත්නම් ලෝක ප‍්‍රකට වික්ටෝරියා රැජිනගේ මිණිබිරිය. ඇලිස් කුමරිය උපතින්ම බිහිරි තැනැත්තියක්. ඇය විවාහ වුණේ ඩෙන්මාක් සහ ග‍්‍රීසියේ ඇන්ඩෘ කුමරු සමගයි. විවාහයෙන් පස්සේ ඇය ඩෙන්මාක් සහ ග‍්‍රීසියේ ඇන්ඩෘ කුමරිය බවට පත් වුණා. ඇලිස් කුමරිය ඉතාම නිර්භීත කාන්තාවක්. ලෝක යුද්ධ කාලයේ ඇය ජර්මානු හමුදාවෙන් දිවි ගලවා ගත් යුදෙව්වන්ට තමන්ගේ මාලිගයේ නවාතැන් දුන්නා. ඒ බව දැනගත් ජර්මානු හමුදාව ඇලිස් කුමරිගේ මාලිගය ගිනිබත් කළා. නමුත් ඇය දිගින් දිගටම යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටීම නතර කළේ නැහැ. ඇලිස් කුමරිගේ සොහොන තියෙන්නේ ඊශ‍්‍රායලයේ ජෙරුසලම් නගරයේ යි. මුත්තම්මා බලන්න ගිය විලියම් මුත්තම්මාගේ සොහොනට මල් කළඹක් තබන්නත් අමතක කළේ නැහැ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.