lakbima.lk

පළමු බබා සමග දෙවෙනි මනමාලි

වියානාවල ප‍්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකාවක වුණු එමිලි ෂෙල්ගේ අක්කා තමයි ෂැරන්. ෂැරන්ගේ වෙඩිං එක යෙදිලා තිබුණේ පහුගිය සිකුරාදා. මේ වෙඩිං එකේ දෙවෙනි මනමාලියන් තුන් දෙනාගෙන් කෙනෙක් තමයි එමිලි. ඒ වෙද්දී එමිලි අට මස් ගැබිනියක්. නමුත් ඇය බොහොම ආසාවෙන් දෙවෙනි මනමාලිය විදියට පෙනී ඉන්න තීරණය කරලා. ඒ වුණත් නොසිතූ විදියට පහුගිය ඉරිදා එමිලිට දරු ප‍්‍රසූතියට අමාරු වෙලා. රෝහල්ගත කරපු ගමන්ම වගේ ඇය ලස්සන පුංචි පුතෙකුට උපත ලබා දීලා. දැන් ඉතින් කොහොමද දෙවෙනි මනමාලි වෙන්නේ කියලා හිතන්නේ නැතිව එමිලි කොහොම හරි දරු ප‍්‍රසූතියෙන් දවස් පහකට පස්සේ පුංචි පුතා එක්කම දෙවෙනි මනමාලි විදියට අක්කාගේ විවාහ උත්සවයට පෙනී ඉඳලා තිබුණු විදිය තමයි මේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.