lakbima.lk

ලෝකයෙන් තුරන් වී ගිය සත්වයෙකු චිනයෙන් මතුවෙයි

වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති සතුන් පිළිබඳ තොරතුරු වාර්තා කරනු ලබන රතු දත්ත වාර්තා පොතට අනුව මේ වනවිට ලෝකයෙන් තුරන් වී ගිය සතෙකු ලෙස නම් කර තිබූ ප‍්‍රමාණයෙන් විශාල සලමන්දරා සත්වයෙකු චීනයෙන් හමු වී තිබේ. මීට වසර මිලියන 170 කට පමණ පෙර ජීවත් වූ බවට සැක කෙරෙන මෙම සලමන්දරා විශේෂය ස්වභාවික වර්ණ ක‍්‍රියාවලියේ දී වඳ වී ගොස් ඇති බවට රතු දත්ත පොතෙහි සටහන් කර තිබුණේ මීට වසර හතරකට පෙර දී ය. ලෝකයේ මේ වනවිට ජීවත් වන සලමන්දරා විශේෂ 24න් වඳ වී ගොස් ඇති බවට වාර්තා වී ඇත්තේ මෙම විශේෂය පමණි.
උරග ගණයට අයත් මෙම සලමන්දරා සත්වයා මෙම විශේෂයට අයත් සලමන්දරාවන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල වූවෙකි. සාමාන්‍යයෙන් සලමන්දරා සත්වයෙකුගේ බර කිලෝ 25ක් පමණ වන අතර දිග සෙන්ටි මීටර් 20ක් පමණ වේ. නමුත් මෙම සත්වයා කිලෝ 34ක බරින් සහ මීටරයක දිගින් යුතු විය. සත්වයා හමු වූ මොහොතේ ඔහු පාලනය කර ගැනීම සඳහා මිනිසුන් හය දෙනෙකුට පැය දෙකකට අධික කාලයක් ගත වූ බව ද වාර්තා වේ.
යුනෑන් ප‍්‍රාන්තයේ Xishuangbanna වැසි වනාන්තරයේ සිට හමු වී ඇති මෙම සලමන්දරා පිළිබඳ පර්යේෂණ කටයුතු චීන විද්‍යා ඇකඩමිය මගින් සිදු කරනු ලබයි. මෙම සත්වයා පිළිබඳ සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සති 16ක කාලයක් ගත වී තිබේ. විද්‍යා ඇකඩමිය විසින් මේ පිළිබඳ මාධ්‍යයට වාර්තා කර ඇත්තේ සත්වයා පිළිබඳ සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුවය.
වඳ වී ගොස් ඇති බවට වාර්තා කරනු ලැබූ සත්වයෙකු හිටි හැටියේ මෙසේ සොයා ගන්නට ලැබීම ඉතා අහඹු සිදුවීමක් ලෙස සත්ව විද්‍යඥයින් පැවැසුව ද මෙම සිදුවීම නිසා රතු දත්ත වාර්තා පොත පිළිබඳව සැක මතු වී තිබෙන බව ද බීබීසී සේවය වාර්තා කර තිබේ. 
 
දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.