lakbima.lk

වෙඩිං හැංගි මුත්තන්



ඉන්දියාව කියන්නේ විවාහ සම්ප‍්‍රදායන් අති විශාල ප‍්‍රමාණයක් සහිත රටක්. උතුරුදිග ඉන්දියාවේ තියෙන එක් විවාහ සම්ප‍්‍රදායක් තමයි ”ජූටා චුපායි” කියන්නේ. ඒකෙ තේරුම ”සපත්තු සැ`ගවීම” කියන එකයි. මේ සම්ප‍්‍රදායට අනුව විවාහ උත්සවය අවසන් වෙන්නේ ජූටා චුපායි එකෙන්. මෙහිදී කරන්නේ ඉස්සෙල්ලාම මනාලයා සපත්තු දෙක ඉවත් කරනවා. ඊට පස්සේ මනාල පාර්ශ්වයේ අය මේ සපත්තු දෙක උත්සවය පැවැත්වුණු ශාලාව තුළ කොහේ හරි ස`ගවන්න  ඕනෙ. සපත්තු දෙක සෙවීමේ කාර්යය පැවැරෙන්නේ මනාලියගේ පාර්ශ්වයේ අයටයි. ඉතින් ඒ අය කොහොම හරි සපත්තු දෙකම සොයා ගන්න  ඕනේ. මේ වැඬේ ටිකක් අමාරු වුණත් බොහොම ආකර්ෂණීය සහ විනෝදජනක එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වගේ විනෝදජනක ක‍්‍රම නිසා මනාල පාර්ශ්වයේ අයයි, මනාලියගේ පාර්ශ්වයේ අයයි අතර ඉතා හොඳ සබඳතාවක් ගොඩ නැගෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.