Coss Ear2
lakbima.lk
COSS Ear 1

යුග පුරුෂයකු පිටුපස සිටි දිරිය කත විනී මැන්ඩෙලා නික්ම යයි

ලෝකයේ වර්ණ භේදවාදය පදනම් කරගෙන පැවැති අරගල බොහෝය. එහෙත් ඒ කිසිම අරගලයක් දකුණු අප්‍රිකානු නිදහස් අරගලය තරම් ලෝකයේ අවධානය දිනා ගත්තේ නැත. ඊට හේතුව ශිෂ්ට සමාජයට ලැජ්ජා වන ආකාරයෙන් ක්‍රියාත්මක වූ එරට වර්ණ භේදවාදී පාලනය කළු ජාතිකයන් කෙරෙහි දැක්වූ කුරිරු ආකල්පයන්ය. තමුන් වෙත එල්ල වූ දරුණු  සුදු පාලනයට එරෙහිව කළු ජාතිකයෝ පෙරළා සටන් කළහ. එකී සටනට නායකත්වය දුන් නෙල්සන් මැන්ඩෙලා එවකට ලෝක මට්ටමේ වීරයෙකු විය. සුදු පාලනයට එරෙහිව මැන්ඩෙලා ගෙන ගිය සටනට දැවැන්ත සහයක් දැක්වූයේ ඔහුගේ බිරිඳ විනීය. 
කළු ජාතිකයන් පෙළන සුළුතරයක් වූ සුදු අධිරාජ්‍යවාදයට එරෙහි දශක තුනක සටනේ පෙරමුණ ගත් නෙල්සන් මැන්ඩෙලා සමග අතිනත බැඳගත් ඇය ජාතියේ මාතාව ලෙස හඳුන්වනු ලැබුවාය. එලෙස ජාතියේ ගෞරවයට පාත්‍ර වූ ඇය පසුගියදා මියගිය අතර ඒ වන විට ඇය අසූඑක් වෙනි වියේ පසුවූවාය. නෙල්සන් මැන්ඩෙලාගේ දෙවන බිරිය වූයේ විනීය. දියණියන් දෙදෙනෙකු ලද විවාහයෙන් වසර තිස්අටකට පසු වෙන්වූ  නෙල්සන් මැන්ඩෙලා නැවත විවාහ වුවද දෙවැනි වර විවාහ වූයේ නැත. මැන්ඩෙලා නම මිය යනතුරු භාවිතා කළ ඇය ඔහු සමග දිගින් දිගටම සමීපව කටයුතු කළාය. විවාහ ජීවිතයේ වසර තිස්අටෙන් නෙල්සන් මැන්ඩෙලා වසර විසිහතක්ම ගතකළේ බන්ධනාගාරගතවය. ඔවුන්ගේ වැඩිමහල් දියණිය වන සෙනානී වර්තමානයේදී තානාපති සේවයේ කටයුතු කරන අතර නෙල්සන් මැන්ඩෙලා සිරගත වූයේ ඇයට වයස අවුරුදු හතරේදීය. ස්වාසිලන්තයේ රජ කුමරෙකු හා විවාහව සිටි ඇය දැන් සෙනානි කුමරිය ලෙස හඳුන්වයි. සින්ඩ්සිස්වා නම් අනෙක් දියණිය වර්තමානයේ නෙදර්ලන්තයේ දකුණු අප්‍රිකානු තානාපතිනියයි. 
නෙල්සන් මැන්ඩෙලා මෙන්ම කලක් සිරගතව හා නිවාස අඩස්සියේද සිටි විනී පසුකලෙක දේශපාලනමය හා නීතිමය අර්බුද රැසකට මැදිවූවාය. ඇය බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනාවද ලබමින් තම කීර්තිමත් ජීවිතයට කළු පැල්ලමක් එක්කර ගත්තාය.
1958 වසරේදී තමාට වඩා වසර දහසයකින් වැඩිමහලු නෙල්සන් මැන්ඩෙලා බස්නැවතුම්පළක සිටි ඇය දැක හිත බැඳගන්නා විටත් ඔහු පළමු විවාහයෙන් වෙන්වී සිටියේ නැත. ඉන් සතියකට පසු නෙල්සන් සමග දිවා භෝජන සංග්‍රහයකට ඔහුගේ නීතිඥ කාර්යාලය අසල ඇති ඉන්දියානු අවන්හලකට ගිය ඇය අධික ලෙස කුළු බඩු හා මිරිස් යෙදූ ඉන්දියානු ආහාර නොපැකිල ආහාරයට ගන්නා අයුරු දැකීමෙන් තමා මවිත වූ බව පසුකලෙක නෙල්සන් මැන්ඩෙලා පවසා තිබිණි. එවිට වයස අවුරුදු විසිතුනක්වූ ඇය වෙනත් කෙනෙකුගෙන් ඉල්ලාගත් රාජකාරි මට්ටමේ ඇඳුමකින් සැරසී සිටියේ වයසට වඩා වියපත් බවක් ඔහු ඉදිරියේ පෙන්වීමටය. ඒ වනවිටත් නිදහස් සටනට උරදෙමින් නෙල්සන් ජනප්‍රියව සිටි අතර ඔවුන් ආහාර ගන්නා තැනට පැමිණි ඇතැමුන් ඔහු හා කතා කළ ආකාරය ඇය බලා සිටියේ දැඩි උනන්දුවකිනි. දිවා ආහාරය ගැනීමෙන් පසු ඇවිදින්නට ගිය මොහොතේ නෙල්සන් මැන්ඩෙලා ඇගෙන් ඉල්ලා සිටියේ නිදහස් සටන වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට උපකාර කරන ලෙසය.
 එම වසරේදීම නෙල්සන් මැන්ඩෙලා පළමු බිරියගෙන් දික්කසාදවූ අතර ඔහු හා විනීගේ විවාහය ඒ සමයේදීම සිදුවිය. 1962 දී සිරගතවූ නෙල්සන් නිදහස ලැබුවේ 1990 දීය. එවකට පැවැති දැඩි පාලනය හමුවේ නොපැකිල හා නොබියව නැගී සිටි අයෙකු ලෙස සමකාලීනයෝ විනී මැන්ඩෙලාව සිහිපත් කරති. සැමියා ආරම්භ කළ සටන ඔහු සිරගතව සිටියදී ඉදිරියටම ගෙනගිය ඇයව 1969 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කිරීමට සුදු පාලකයෝ කටයුතු කළහ. 1976 වසරේ සොවෙතෝහි පැවැති සිසු අරගලයේ පෙරමුණ ගත්තේ ඇයයි. කළු ජාතික සිසුන් මෙම අරගලය ඇරඹුවේ සුදු පාලනය විසින් කළු ජාතික පාසල්වල සිසුන් පිට බලෙන් පටවන නීතිරීතිවලට විරුද්ධව වීදි බසිමිනි. කෙසේ වුවද 1991 වසරේදී ඔත්තුකරුවෙකු බවට සැකකොට දාහතර හැවිරිදි සිසුවෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකාරිය වීමත් සමග ජාතියේ මාතාව ලෙස ඇයට තිබූ ගරුත්වය අඩුවන්නට විය. වසර හයක සිර දඬුවමක් මේ සඳහා ඇය ලැබුවද පසුව එය දඩයකට පමණක් සීමාවිය. 1993 වසරේදී විනී මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ කාන්තා අංශයේ නායිකාව ලෙස පත්කරන ලදී. ඉන් වසරකට පසු තම සැමියා වන නෙල්සන් මැන්ඩෙලා ජනපති පදවිය දරන සමයේ කලා හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිනිය ලෙස පාර්ලිමේන්තුවට ගිය ඇයව පසුව ඉන් ඉවත් කරන ලදී.
1992 දී විනීගෙන් තමා වෙන්වන බව නිවේදනය කරන අවස්ථාවේදීත් නෙල්සන් මැන්ඩෙලා පවසා සිටියේ ධෛර්යයෙන් යුතුව ඇය රජය තමා පිට පැවරූ රාජකාරිය ඉටුකළ බව හා නිදහස් සටනට කැපවීම කිසිවිටකත් අමතක නොකළ බවයි. ඒ හේතුවෙන් පෞද්ගලිකව තම ගෞරවය, ප්‍රේමය හා ලෙන්ගතු බව මතුවටත් ඇය කෙරෙහි පැවැතෙනු ඇතැයිද මැන්ඩෙලා කියා සිටියේය. 1996 දී නීත්‍යනුකූලව වෙන් වුවද දික්කසාදයේදී ගෙවිය යුතු මුදල සම්බන්ධ ආරවුලකද පැටලුණහ. ඇගෙන් වෙන්වීමට හේතුව දක්වමින් වරක් නෙල්සන් මැන්ඩෙලා පවසා තිබුණේ වසර විසිහතකට පසු තමා බන්ධනාගාරයෙන් නිදහස්ව එනවිට කලක් තමා “ඩාලිං” යනුවෙන් හැඳින්වූ කාන්තාව වෙනස්වී සිටි බවය. තමා නැති කාලයේ ඇය අනියම් සබඳතාවල පැටලී සිටි බවද, පෙර සිටි උණුසුම් හැඟීම්වලින් යුතු කාන්තාව වෙනුවට රළු ගති ඇති කාන්තාවක් තමාට දකින්නට ලැබුණු බවද ඔහු කියා සිටියේය. කෙසේ වුවද මැන්ඩෙලා මියයනතුරුම විනී හා ඔහු සමීප හිතවතුන්වූ අතර ඔහු දැඩි ලෙස ගිලන්ව සිටි අවසන් කාලයේදී නිතර ඔහු බලන්නටද පැමිණියාය.
“හිරෙන් නිදහස් වෙලා ඇවිත් ඇය එක්ක ගතකරපු කාලෙ මට දැනුණු තනිකම වෙන කාටවත් දැනිලා නැතුව ඇති” තමා විනීගෙන් වෙන්වීමට කරුණු දක්වමින් මැන්ඩෙලා කළ විස්තරය ඇසූ විනිසුරු ඔවුන්ට වෙන්වීමට ඉඩලබා දුන්නේය. 1999 දී නැවත පාර්ලිමේන්තුවට පැමිණි විනී මැන්ඩෙලාට 2003 වසරේදි වංචා, දූෂණ චෝද නා එල්ලවූ අතර පසුව ඇය ඉන් නිදහස් වූවාය. මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී විනී මියගිය පසු ජනතාව ඇය සම්බන්ධයෙන් මත දෙකක සිටින බව පෙනෙයි. ඇතැමෙක් ඇය තවමත් ජාතියේ මාතාව කොට සලකන අතර තවත් පිරිසක් විනී මැන්ඩෙලා ගැන කතා කරන්නේ අප්‍රසාදයෙනි. 
 
නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1087

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.