lakbima.lk

ලෝ ප‍්‍රකට සිනමාපට රැසකම රඟපෑ බාර්ට් නමැති යෝධ වලසාගේ කතාවයි මේ

‘ලෝකය රඟ මඩලක් නම් අපි හැමෝම නළුවෝ’ කියා ප‍්‍රසිද්ධ කියමනක් තියෙනවා. අපි කිව්වට මිනිස්සු විතරක් නෙවෙයි, සතුනුත් මේ ගොඩට අයිති වෙනවා. මොකද අප අතර ඉන්න සතුනුත් විවිධ චරිත කරනවා. මේ චරිත අතර නළු චරිත කරන සතුනුත් ඉන්නවා. පොඩි කාලේ බලපු ‘හ`දයා’ චිත‍්‍රපටයේ හදයා විදියට රඟපෑවේ පෝනියෙක්. වෙනත් රටවල ද මේ වගේ ප‍්‍රසිද්ධ නළු සත්ව චරිත  ඕනෑ තරම් මතක් කරගන්නට පුළුවන්. ‘ලැසී’ කියන්නේ එවැනි චරිතයක්. ‘බ්ලැක් බියුටි’ කතාවේ කළු අශ්වයා විදියට විවිධ අවස්ථාවලදී විවිධ අශ්වයන් පෙනී සිටියා. මෑතකදී අපේ රටේ මේ විදියට ප‍්‍රසිද්ධියට පත් වුණු නළු සතෙක් තමයි ‘දෙරණ’ නාලිකාවේ විකාශනය වන ‘සිඳු’ නාට්‍යයේ ‘සරණ’ කියන පූසා. කොහොම වුණත් මේ පූසාගේ චරිතය දැන් ටික දවසක ඉ`දන් පෙනෙන්නට නැහැ. එ් ගැන එහා පිටුවේ වෙනම ලිපියක් පළ වෙන නිසා මේ කියන්න යන්නේ එ් කතාව ගැන නෙවෙයි. ලෝකයේ වෙනත් රටවල ඉන්න නළු සතුන්ගෙනුත් මෙවැනිම සිදුවීම් ගැන දැනගන්නට ලැබෙනවාද කියා හොයා බැලූවාම එක් සුප‍්‍රකට කතාවක් හොයා ගන්න ලැබුණා. මේ කියන්න යන්නේ එ් කතාවයි. එ් ලෝක ප‍්‍රකට නළු සත්වයකු වූ ‘බාර්ට්’ නම් වලසායි. මේ බාර්ට් වලසාගේ දායකත්වය ලබා ගත් එක් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකුට, සිඳු නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මුහුණ දුන්නා හා සමාන අත්දැකීමකට මුහුණ පාන්න වුණා. අපි එ්ක ටිකක් පහු වෙලා දැනගන්න කල් බාර්ට් වලසා ගැන පොඩි විස්තරයක් මේ විදියට කියවා බලමු.

බාර්ට් කියන්නේ කොඩියැක් කියන වර්ගයට අයත් ඇලස්කානු යෝධ වලසෙක්.  1977 ජනවාරි 19 වැනිදා බෝල්ටිමෝර් සත්වෝද්‍යානයේ දී උපන් ‘බාර්ට්’ 2000 මැයි 10 වැනිදා මිය ගියත් ඌ ගැන මතකය තවමත් සිනමා ක්ෂේත‍්‍රයේ පවතිනවා. කිලෝග‍්‍රෑම් 680ක් බරින් යුක්ත වූ බාර්ට් උසින් අඩි 9 යි අ`ගල් 6ක් වුණා. බාර්ට් බොලිවුඞ් චිත‍්‍රපට බොහොමයක් සදහා රංගනයෙන් දායක වී තිබෙනවා. එක් අවස්ථාවක දී ඔස්කාර් සම්මානයක් සදහා නිර්දේශ වී ද තිබෙනවා. බාර්ට් රංගනයෙන් දායක වූ චිත‍්‍රපට අතර ‘වයිට් ෆෑන්ග්’, ‘ලෙජන්ඞ් ඔෆ් ද ෆෝල්’ සහ ‘ද එජ්’ යන එ්වා බොහෝ දෙනෙකුගේ මතකයේ රැදී තිබෙනවා.

බෝල්ටිමෝර් සත්වෝද්‍යානයේ දී උපත ලැබීමෙන් පසු සති පහක පමණ කාලයේ සිට බාර්ට්ව හදා වඩාගෙන තිබුණේ චිත‍්‍රපට සදහා සතුන් පුහුණු කරන්නන් වූ ඩවුග් සහ ලින් සියස් යන අය විසින්. ඌ කුඩා පැටවකු කාලයේ සිටම The Life and Times of Grizzly Adams කියන ටෙලි නාට්‍ය මාලාවේ රඟ පාන්නට පටන් ගත්තා. වැඩිහිටි වලසකු බවට පත් වූ මුලින්ම දායක වුණේ Windwalker චිත‍්‍රපටය සදහායි. බාර්ට් ගේ චිත‍්‍රපට අතිශය ජනප‍්‍රියම තිබූ සමයේ උපයා ගත් ආදායම පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක් පමණ වන බවයි පැවැසෙන්නේ.

අර මුලින්ම කියපු කතාව ගැනයි දැන් කියන්න යන්නේ.

මේ විදියට චිත‍්‍රපටවල රගපාමින් සිටි අතරේ 2000 වසරේ දී පිළිකා රෝගයක් වැලදීම නිසා බාර්ට් මිය ගියා.

මෙසේ මිය යන සමයේ බාර්ට් රංගනයෙන් දායක වූ  ‘ග්‍රෝව්න් අප ග‍්‍රිස්ලි’  කියන වාර්තා චිත‍්‍රපටය රූපගත කරමිනුයි පැවැතුණේ. බාර්ට්ගේ මිය යාම නිසා එහි අධ්‍යක්ෂවරයා මහත් අපහසුතාවකට පත් වුණා. සිඳු නාට්‍යයේ මෙන් මේ චරිතය ඉවත් කරදමන්නට හැකියාවක් තිබුණේ ද නැහැ. හේතුව බාර්ට් මෙහි ප‍්‍රධාන චරිතය සදහා පණ පොවමින් සිටි නිසයි. අනෙක සෑහෙන මුදලක් යටකොට තිබූ නිසා මෙහි නිෂ්පාදක කණ්ඩායමට මෙය අතරමග නවතා දමන්නට හැකියාවක් තිබුණේ ද නැහැ. අවසානයේ ඔවුන් තීරණයකට පැමිණියා. එ් බාර්ට් වෙනුවට එ් හා සමාන පෙනුමැති වෙනත් වලසකුු මේ සදහා යොදා ගැනීමටයි. මේ සදහා ඔවුන් තෝරා ගත්තේ බාර්ට් ජීවත්ව සිටි සමයේ ඌ සමග රගපෑ තවත් වලස් නළුවකු වූ ‘ලිට්ල් බාර්ට්’. මේ වලසා Bart the Bear 2  නමින් ද හැ`දින්වෙනවා. මේ වලසාගේ පුහුණු කරුවන් වූයේ ද බාර්ට්ගේ පුහුණු කරුවන්මයි. මේ නිසා නිෂ්පාදකවරුන්ට ගැටලූවක් පැන නැග්ගේ නැහැ. මෙයින් පසුව ‘ලිට්ල් බාර්ට්’ තවත් බොහෝ චිත‍්‍රපට ගණනාවක් සදහාම පෙනී සිටියා. ‘ලිට්ල් බාර්ට්’ ලෝක ප‍්‍රකට ටෙලි නාට්‍ය මාලාවක් වූ ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ හි ද එක් ජවනිකාවකට සහභාගී වී තිබෙනවා.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.