lakbima.lk

ලොව වැඩිම මිලක් නියම වූ 'ගලවා ගන්නා' සිතුවම

'සැල්වේටර් මුන්ඩි' හෙවත් ගලවා ගන්නා නම් වූ මෙම සිතුවම ඇමෙරිකානු ඩොලර් 450,300,000 වූ මතෛක් ලොව ඉහළම මිලක් නියම වූ චිත්‍රයයි. මෙම සිතුවම ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිතුවමක් ලෙස මත පළ වුවද එය තවමත් විවාදාත්මකයි.

සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසී සිටින ජේසුස් වහන්සේ ඉතා සානුකම්පිත බැල්මකින් සිටින ආකාරයක් සිතුවමෙන් පිළිබිඹු වෙනවා.

ඉහළට එසවී ඇති දකුණතේ ඇඟිලි දෙකක් එකට පැටලවි ඇති අතර වමතෙහි පළිඟු බෝලයක් දරා සිටිනවා.

ලෞකික සහ අධ්‍යාත්මික යන ලෝකයන් දෙකම මෙම සිතුවම තුළින් පෙන්නුම් කරන්නට මෙම සිත්තරා සමත් වී තිබෙනවා.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.