lakbima.lk

යැක් ගවයන් 300ක් හාමතින් මිය යයි

ඉන්දියාවේ චීන මායිමේ පිහිටි සීකිම් ප්‍රදේශයේ යැක් ගවයන් තුන්සීයක් පමණ දෙනා හදිසියේ මියගොස් තිබේ. ඒ පසුගියදා මාස ගණනාවක් තිස්සේ ඇද වැටුණු හිම පතනය නිසා ආහාර නොමැති වීමෙනි.

මෙසේ අහිතකර කාලගුණයක් පවතින්නේ පසුගිය දෙසැම්බරයේ සිටය.

මෙම ගවයන් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් මගින් කෑම දැමීමට ඉන්දියා බලධාරීහු උත්සහ කළත් දිගින් දිගටම පැවති අයහපත් කාලගුණය නිසා එයද වැළකී ගිය බව රජයේ ප්‍රකාශකයෙකු වූ රාජ් යාදෙව් කියා සිටී.

කිරි, මස් හා තවලම් ගමනාගමනය සඳහා යැක් ගවයන් ඇතිකිරීම වසර දහස් ගණනක සිට කරගන එන්නකි.
සාමාන්‍යයෙන් ස්වාභාවිකව වසරකට මිය යන යැක් ගවයන් ප්‍රමාණය 10-15ත් අතර ප්‍රමාණයක් වුවත් පසුගිය මාස පහක කාලය තුළ තුන්සියයක් පමණ මියයාම එම සතුන් ඇතිකරන්නන් හට දරාගත නොහැකි පාඩුවක් වී තිබේ.

මෙසේ මිය ගිය ගවයන් සඳහා ගවයන් තුන් දෙනෙකුට යටත්ව එක් ගවයෙකුට රුපියල් තිස් දහස (ලංකා රුපියල් 75,000ක් පමණ) බැගින් ලබා දීමට ද රජය තීරණය කර ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.