lakbima.lk

භූ විෂමතා ලක්ෂණ රාශියකටම උරුමකම් කියන මැටර්හෝන් කඳුවැටිය


මැටර්හෝන් කඳුවැටිය පිහිටා තිබෙන්නේ ලොව මනස්කාන්ත භූ විෂමතා ලක්ෂණ රාශියකටම උරුමකම් කියන ස්විට්සර්ලන්තයේ ස්ර්මැට් නම් ප්‍රදේශයේය.

මැටර්හෝන් කඳුවැටිය ඇල්ප්ස් කඳුවැටියේ උසම කන්ද නොවුණත් මෙම කන්දේ පැති හතරේම දක්නට ලැබෙන තියුණු පිහිටීම හරියටම පිරමීඩයක් වැනි පෙනුමක් ගැනීම නිසාත්, අවට ඇති සියලුම කඳුවලට වඩා චමත්කාරජනක  දර්ශනීය බවින් යුතු නිසාත් ඉතාම විශ්මිත නිර්මාණයක් ලෙස ලෝක ප්‍රකටයි.

මැටර්හෝන් කන්ද අදින් වසර මිලියන හතලිහකට පමණ පෙර භූ තැටි දෙකක් එකට ගැටීමෙන් සිදුවූ උතික්ෂිප්ත වීමකින් (ඉහළට එසවීමකින්) බිහිවූ බවයි භූ විද්‍යාඥයන්ගේ මතය. මුල්වරට මැටර්හෝන් කන්ද සාර්ථකව තරණය කළේ ඉංග්‍රීසි ජාතික කඳු නගින්නෙකු වූ එඩ්වර්ඩ් විම්පර්. ඒ 1965 වර්ෂයේදීයි.

කඳුවැටිය තරණයේදී හමුවුන තියුණු බාධක හා අධික ශීතල නිසා ඔහු සමග කන්ද තරණය කළ අනෙක් හතර දෙනෙකුම ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් වෙනවා.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.