lakbima.lk

පාප් වහන්සේ රහස් හෙළිකරයි

එළඹෙන 2020 මාර්තු මාසයේදී වතිකානුවේ රහස් ‍ලේඛනාගාරයක් මහජනතාවට විවෘත කරන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

දෙවන මහා ලෝක යුද්ධය හා දොළොස් වන ෆියුස් පාප්වරයාගේ කාලයේ සිදුවූ දේ සම්බන්ධයෙන් මතෛක් රහසිගතව සඟවාගෙන තිබූ ලිපි ‍ලේඛන ඇතුළත් මතභේදාත්මක තොරතුරු මෙහිදී හෙළිවනු ඇත.

ජර්මනියේ හා ඉතාලියේ වර්ධනය වූ නාසි වාදය මර්දනය කිරීම සඳහා ෆියුස් පාප්වරයා උනන්දු නොවූ බවට චෝදනාවක් ඇතත් යුදෙව් සංහාරය නැවැත්වීමට උන්වහන්සේ නිහඬව සේවාවක් කළ බව එතුමන් වෙනුවෙන් පෙනී සිටින්නෝ කියති.

‍ලේඛනාගාරය විවෘත කිරීමෙන් පසුව ෆියුස් පාප්වහන්සේ පිළිබඳ ඇති වැරදි මත දුරුවනු ඇතැයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කියා තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.