lakbima.lk

නොබෙල් ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම අබේගෙන්

මෙම වසරේ (2019) නොබෙල් ත්‍යාගය සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා කිරීමට තමා සූදානමින් සිටින බව ජපාන අගමැති ශින්ෂෝ අබේ පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඔහුගේ මෙම ප්‍රකාශයට එතරම් හොඳ ප්‍රතිචාර නොලැබුණත් සිය ස්ථාවරය වෙනස් කිරීමට සූදානම් නැති බවද ශින්ෂෝ අබේ ජපාන පහළ පාර්ලිමේන්තු මණ්ඩලය අමතමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ මැඩ පැවැත්වීම සඳහා ට්‍රම්ප් ගෙනයන උත්සහය ලෝකයට ඉතාමත් වැදගත් එකක් බවත් ඒ නිසාම ට්‍රම්ප් මෙම ත්‍යාගය ලැබිමට සුදුසු බවත් අබේ පවසයි.
එසේම එම වැඩපිළිවෙළ ඇමෙරිකාවටද ඉතා වැදගත් බවද අවධාරණය කර තිබුණි.

මේ සම්බන්ධව කතා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා තිබුණේ ජපාන අගමැති අබේ ඔහුගේ යෝජනාව ඇතුළත් කොට නොබෙල් ත්‍යාග කමිටුවට යැවූ ලිපියේ පිටපතක් තමන්ටද ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුති කරන බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.