lakbima.lk

කාර්යාල සේවකයන්ට දුරකථන සහනයක්


කාර්යාල වේලාවෙන් පසුව දුරකථන මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් සේවකයන් අමතා රාජකාරි පැවැරීම සපුරා තහනම් කිරීමේ නීතියක් පැනවීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.

මෙම නීතියට අනුව යමෙක් රාජකාරියට වාර්තා කිරීමට පෙර සහ රාජකාරි නිමවීමෙන් පසුවත්, රාජකාරියෙන් මිදී ගෙදර සිටින සති අන්තවලත් රාජකාරි කටයුතු සඳහා ඔවුන් ඇමතීම තහනම් වෙනු ඇත.

මේ නීතිය බලපාන්නේ ප්‍රංශයේ විශාල සමාගම් හා සේවක සංඛ්‍යාව පනහට වැඩි ආයතන සඳහාය. ප්‍රංශය මෙම මානව හිමිකම් නීතිය හඳුන්වන්නේ කාර්යාලය සමග පවතින සම්බන්ධතා කපා හැරීමේ නීතිය  හැටියටය.

ප්‍රංශය යනු සේවක අයිතීන් හා සුබසාධනය ඉතා ඉහළින් අගයන රටක් වන අතර රැකියාවක් කිරීම සඳහා සුදුසුම රට බවටද පත්වෙමින් තිබේ. මේ වනවිට ප්‍රංශය එරට සේවකයකුට වසරකට දින තිහක නිවාඩුවක්ද, පූර්ණ ගෙවීම් සහිත වසරකට සති දහසයක පවුල් නිවාඩුවක්ද අනුමත කර ඇති රටකි.

ඒත් ඒ සියල්ලටම වඩා මෙකී අලුත් නීතිය කෙරේ එරට රැකියා කරන්නන්ගේ සතුට පළවී තිබේ.


 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.