lakbima.lk

කුරුලූ ලෝකයේ ඉන්න ලස්සන ලස්සන කුරුල්ලෝ අතරේ ඉතාම කපටි අයත් ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි මේ. මෙයා ලිහිණියෙක්.  මාංශ භක්ෂකයි. මෙයාව හඳුන්වන්නේ නිල් පෙඳය සහිත කවට ලිහිණියා කියලයි.  මෙයාගේ කට නම් හරිම වාචාලයි. කෑගහන්න ගත්තාම නතර කර ගන්න බැහැ. එයාට එක එක ශබ්දවලින් කෑ ගහන්නත් පුළුවන්. ඒ වගේම මෙයා කපටි කුරුල්ලෙක් විදියටත් ප‍්‍රසිද්ධයි. විවිධ වර්ගවල කුරුල්ලන් රංචුවක් ගැවසෙන යම් ගොදුරක් සහිත තැනකට මෙයා ආවොත් අනිත් කුරුල්ලෝ හැමෝම ඉගිලිලා යන්න යනවා. ඒකට හේතුව තමයි නිල් පෙඳය සහිත කවට ලිහිණියා පිට කරන භයානක ශබ්දය. මෙයා අනිත් කුරුල්ලන්ව බය කරලා එළවන්න වුවමනා නිසාම මහ අමුතු භයංකාර ශබ්ද පිට කරනවා. ඒ ශබ්දවලට බයේ තමයි අනිත් අය යන්න යන්නේ. ඊට පස්සේ මෙයා කරන්නේ අර ගොදුර තනිවම භුක්ති විඳින එකයි. ඔන්න කපටිකමක තරම.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.