lakbima.lk

සැන්ඞ්විච් එකක් කන්න  ඕනෙද? එහෙනම් මෙන්න කන්න. මේ සැන්ඞ්විච් එක තමයි ලෝකේ තියෙන උසම සැන්ඞ්විච් එක. එහෙමත් නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. මේක තමයි ලෝකේ තියෙන වැඩිම ලේයර්ස් ගණනක් සහිත සැන්ඞ්විච් එක. මේක හදලා තියෙන්නේ  එ්ක අතේ තියාගෙන ඉන්න කෙනාම තමයි. එයාගේ නම අර්වින් ඇඩම්. අපි කන සැන්ඞ්විච්වල තියෙන්නේ ලේයර් දෙකක් හෝ තුනක් වුණත් ඇඩම් හදපු සැන්ඞ්විච් එකේ ලේයර්ස් 60 ක් තියෙනවා. ඔහු මේක හදලා තිබුණේ ඇමෙරිකාවේ තියන DiLusso Deli Company එකේ පැවැත්වුණු ආහාර ප‍්‍රදර්ශනයකටයි. කොහොම වුණත් හැමෝගේම  අවධානය යොමු වුණු මේ සැන්ඞ්විච් එකට ලෝක වාර්තාවක් පවා හිමි වුණා. අන්තිමේදී නිවාස අහිමි පුද්ගලයින් 34 දෙනෙකුගේ බඩගින්න නිවා දමන්න මේ සැන්ඞ්විච් එකට පුළුවන් වුණා.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.