lakbima.lk

 

2018 වර්ෂයේ දී  ඕස්ටේ‍්‍රලියානු සමාජ ජාලා උඩුයටිකුරු කළ එළදෙනකගේ රුවක් ලොව පුරා   ජනප‍්‍රිය විය. ඒ අවුන්ස 2800කට ආසන්න බරැති විසල් එළදෙකන වූ  knickers ගේ ගොවිපළ ඡායාරූපයකි.

මෙම අපූරු විසල් එළදෙන අඩි 6.2 ක් උස් වන අතර සෙසු සාමාන්‍ය සිටියර් වර්ගයේ සතුන්ගෙන් ශාරීරිකව  වෙනස් වී ඇත. පුදුමය වනුයේ knickers ගේ දෙමව්පියන් සාමාන්‍ය කුඩා ප‍්‍රමාණයේ සතුන් වීමයි.

knickers ගේ අයිතිකරු ප‍්‍රකශ කර ඇත්තේ ස්ටියර් වර්ගයේ එළදෙනුන් මස් සඳහා අවුරුදු 3ක් වන විට මරා දමන අතර මෙම එළදෙන එම වයසේ දී මස් සඳහා නොමැරූ බවකි. මේ වන විට knickers 6 වැනි වියේ පසුවෙයි. වයස 6ක් වැනි ඉහළ වයසක දී සිටියර් එළදෙනුන් මෙම තත්වයට පත් විය හැකි බව ඔහු පෙන්වා දී ඇත.

knickers ට වඩා විශාලව වැඞී සිටි ඇමෙරිකානු ගවයෙකු වූ ඩැනියෙල් නමැති විසල් ගවයා මෑතකදී මියගිය අතර එම සත්වයා මිය යන විට දැඩි ලෙස රෝගාතුර ව සිට ඇත. කෙසේවෙතත් තවමත් knickers ගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් අතර නුදුරේදී ම ඇය ලෝක වාර්තාවකට හිමිකම් කියනු ඇත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.