lakbima.lk

පහුගිය දවසක පැවැත්වුණු ඇමෙරිකානු සෙනේට් සභික ජෝන් මැකේන්ගේ අවමංගල උත්සවයට ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය නායකයන් රැුසක්ම සහභාගි වුණා. මේ අතරේ හරි අපූරු දෙයකුත් සිද්ධ වුණා. මේ අවම`ගුල් උත්සවය වෙලාවේ හිටපු ඇමෙරිකානු ජනපති බිරිඳවන මිෂෙල් ඔබාමා අසුන්ගෙන හිටියේ හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් අසලයි. ඔන්න එකපාරටම මිෂෙල් එයාගේ අතේ මිට මොළවාගෙන හිටපු දෙයක් හොරෙන්ම බුෂ්ගේ අතට දුන්නා. බුෂ් බොහොම ලස්සන හිනාවකුත් දාලා ඇය දුන්නු දේ තමන්ගේ අතේ මිට මොලවාගෙන මොකුත් වුණේ නෑ වගේ ඉදිරිය බලාගෙන හිටියා. ඊට පස්සේ ඔහු හෙමිහිට ඒක කටේ දා ගත්තා. ඊට පස්සේ ආයෙත් සැරයක් මිෂෙල් හොරෙන්ම බුෂ්ට මොනවාදෝ දුන්නා. ඒක බුෂ්ගේ බිරිඳත් දැක්කා. ඊට පස්සේ ඇය බුෂ් දිහා ඇස් පුංචි කරලා බැලූවා. එතකොට බුෂ් මිෂෙල් දුන්නු දේ ඔහුගේ බිරිඳගේ අතේ මිට මෙලෙව්වා. ඒ පාර ඇයත් ඒක කටේ දමා ගත්තා. මේ විදියට අවම`ගුල් උත්සවයක් මැද්දේ මේ තුන් දෙනා පොඩි බබාලා තුන් දෙනෙක් වගේ හොරෙන් හොරෙන් බෙදාගෙන කාලා තියෙන්නේ මිෂෙල් ගෙදරින් අරගෙන ආපු චොක්ලට් එකක් බවයි පසුව මාධ්‍ය වාර්තා කරලා තිබුණේ.

Page 4 of 4

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.