lakbima.lk

සත්ව විද්‍යාඥයන් විසින් රටවල්  60 කට අධික ප‍්‍රමාණයක වාසය කරන චිම්පන්සින්ව අධ්‍යයනය කරලා හරි අපූරු දෙයක් හොයා ගත්තා. ඒ දකුණු අප‍්‍රිකානු රටක් වන ගිනියාවේ ඉන්න චිම්පන්සියෝ ගැන. සත්ව විද්‍යාඥයන් කියන විදියට නම් ලෝකයේ වැඩිපුරම මත්වුණු චිම්පන්සින් ඉන්නේ ගිනියාවේ. ඔවුන් පැය 24 පුරාම වගේම ජීවිත කාලයෙන් සියයට 90 ක්ම ඉන්නේ මත් වෙලා. 
ඒකට හේතුව තමයි මත්පැන්. හැබැයි ඔවුන් මත්පැන් ශාලාවලට ගිහින් මත්පැන් අරගෙන බොන්නේ නැහැ. ගිනියාවේ වැඩෙන සුලබ ශාක වර්ගයක සාරය උරා බීලා තමයි ඔවුන් මත් වෙන්නේ. මේ ශාකයේ සාරය පර්යේෂණයට භාජනය කළාම එහි සියයට 3 ක 4ක මද්‍යසාර සාන්ද්‍රණයක් තිබෙන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බීරවල මද්‍යසාර පරිමාවට සමාන ප‍්‍රමාණයක් එහි අඩංගු බව සොයාගෙන තිබෙනවා. ඔන්න ඔය විදියටයි ගිනියාවේ චිම්පන්සි මත් වෙන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.