lakbima.lk

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුලූ වේලාවකට පෙර වගන්ති අංක 377 නීතිය නිෂ්ප‍්‍රභ කරමින් ‘සම ලිංගික හා සංක‍්‍රාන්තිකයන්ගේ නීතිය’ඉන්දියාව තුළ පිළිගනු ලැබීය. මේ වන විට සමස්ත ඉන්දියාව පුරා මෙම නීතියට පක්ෂව සහභාගී වූවන් සිය සතුට බෙදා ගැනීම සඳහා එක්ව සිටියි.

 

 

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද  මෙම අධිකරණ නීතියට සිය සහය පළ කර ඇත. මෙම නීතිය බලාත්මක වීම හරහා මෙම පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් සාක්ෂාත් වන බව වැඩිදුරටත් එම සංවිධානය පවසා ඇත. සිය තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ධිකරණ විනිසුරන් පවසා ඇත්තේ මෙතෙක් ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් සිදු වූ අසාධාරණයට ඉතිහාසය සමාව ගත යුතු බවකි.

 

---------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික නීතිය පිළිගන්නා ලකුණු


අද (06) දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින්  ඉන්දීය යටත් විජිත නීතියේ වගන්ති 377 යටතේ 2013 දී ලබා දුන් නඩු තීන්දුවක් නැවත සලකා බැලීමට නියමිත ය. වගන්ති 377 යටතේ  ‘සම ලිංගික සේවනය‘  ‘අස්වාභාවික අපරාධයක්‘ ලෙස වර්ග කර තිබුණු අතර එයට හිමි දඬුවම වූයේ වසර 10 ක සිර දඬුවමකි.


2016 දී ත‍්‍රිපුද්ගල විනිසුරු සභාවක් මඟින් ද මෙම වගන්තියට එරෙහිව පෙත්සමක් නැවත සළකා බැලූවේ ‘ව්‍යවස්ථාමය වැදගත් කරුණක්‘ ලෙස පමණී. මෙවර ඉන්දීය අග විනිසුරු දීපක් මිස්රා ඇතුළු පස් විනිසුරු සභාවක් ඇසුරෙන් මෙම වගන්තිය නැවත සළකා බැලීමට නියමිත ය. 


වසර 157 ක් පැරණි මෙම යටත් විජිත නීතියට එරෙහිව බොහෝ සිවිල් සංවිධාන හඬ නඟන අතර සම ලිංගිකයන් හා ලිංග සංක‍්‍රාන්තිකයන් හට අසාධාරණ සිදු කිරීමේ අරමුණින් මෙම නීතිය සැකසුණු බවට ඔවුන් චෝදනා කරමින් සිටියි. කෙසේ වෙතත් 2017 දී දුන් ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ‘පෞද්ගලික නිදහසට සම්බන්ධ නඩු තීන්දුව’ තවදුරටත් සුරැකීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරනු ඇති බවට මහජන මතය වේ.


උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.