lakbima.lk

නිහඬ ජිරාෆ්

ජිරාෆ් කියලා කියන්නේ  ඕනෙම පිරිසක් අතරෙදී පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් සතෙක්. ඒකට හේතුව ඔවුන්ගේ අසාමාන්‍ය උස. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු පිරිමි ජිරාෆ් කෙනෙක් මීටර් 6ක් විතරත් ගැහැනු ජිරාෆ් කෙනෙක් මීටර් 4ක් - 5ක් විතරත් උසින් යුතු වෙනවා. ජිරාෆ්ලාගේ උස තීරණය වෙන්නේ බෙල්ලේ අසාමාන්‍ය දිග නිසයි. ඔවුන්ගේ බෙල්ලේ මේ දිග නිසාම ඔවුන්ට ශබ්ද නිකුත් කරන්නත් හැකියාවක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ජිරාෆ් සත්වයින්ට කෑගසන්න බැහැ.
ඔවුන්ගේ බෙල්ල දිග නිසා ශබ්දය නිපදවන ස්වර තන්ත‍්‍රවලින් නිපදවන ශබ්දය පිටතට එන්න ලොකු දුරක් ගෙවාගෙන එන්න  ඕනේ. ඒ දුර ගෙවාගෙන එද්දී නිපදවුණු ශබ්දයේ මිනිස් කනට ඇහෙන්න තිබිය යුතු පරාසයෙන් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ජිරාෆ්ලා පිටකරන ශබ්දය මිනිසාට ඇහෙන්නේ නැති තරම් අඩුයි. නමුත් ඒ ශබ්දය ජිරාෆ්ලාට ඇහෙනවා. මේ නිසාම අපිට නම් හිතෙන්නේ ජිරාෆ්ලා බොහොම නිශ්ශබ්ද නිහඬව ඉන්න සතුන් කොටසක් කියලයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.