lakbima.lk

අයිස් ක‍්‍රීම් කෝන් එකක් කන්න ගියාම අත්වලයි මූණෙයි ගා ගන්නේ නැතිව අයිස්කී‍්‍රම් කන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි. හරියට කෑවේ නැති වුණොත්  ටික වෙලාවක් යද්දී අයිස් ක‍්‍රීම් එක තියෙන්නේ කෝන් එක උඩ නෙවෙයි අත් දෙකේ. කෝන් එකක් උඩ එක අයිස් ක‍්‍රීම් ස්කූප් එකක් තියාගෙන පිළිවෙළකට කන්න බැරි අය අතරේ මෙහෙම අයත් ඉන්නවා. මෙයාගේ නම අෂ්රිත් ෆර්මන්. ඉන්නේ ජැමෙයිකාවේ. මෙයාට හරි අපූරුවට අයිස් ක‍්‍රීම් කෝන් එකක් උඩ අයිස් ක‍්‍රීම් ස්කූප් සමබර කරන්න පුළුවන්. හරියටම කියනවා නම් එක කෝන් එකක් උඩ අයිස් ක‍්‍රීම් ස්කූප් 123 ක් සමබර කරලා පෙන්වන්න ෆර්මන්ට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි මෙයාට කිරි පිරවූ බෝතලයක්, පොත් මිටියක් වගේ දේවල් පවා ඔළුව උඩ සමබර කරන්න බොහොම පහසුවෙන් පුළුවන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.