lakbima.lk

මේ ලෝකේ මිනිස්සුන්ට පුදුමාකාර විනෝදාංශ සහ ආශාවන් තියෙනවා. මේත් එහෙම කෙනෙක්. මේ පිංතූරවල නූල් ගොඩක් සිරුර වටේ ඔතාගෙන ඉන්න කෙනාගේ නම එඞ්වර්ඞ් හැනෆෝඞ්. එයා ඉන්නේ බි‍්‍රතාන්‍යයේ සිටිංබෝන් නගරයේ. මෙයා පුංචි කාලේ ඉඳලා මැහුම් ගෙතුම්වලට හරිම කැමති කෙනෙක්ලූ. මැහුම් ගෙතුම්වලින් මොකක් හෝ වාර්තාවක් තියන්න  ඕනෑ කියලා හිතාගෙන එයා ප‍්‍රංශ ගෙතුම කියන මැහුම කරන්න පටන් අරගෙන තියෙන්නේ 1989 අවුරුද්දේ. මේ විදියට ගොතාගෙන ගොතාගෙන ගිහින් අන්තිමට එයා වාර්තාවකුත් තියලා. මේ තමයි ලෝකයේ බිහි වුණු දිගින් වැඩිම ප‍්‍රංශ ගෙතුම. මේ ගෙතුමේ දිග කිලෝ මීටර් 32ක්. ඒ කියන්නේ සැතපුම් 20 කට අධික ප‍්‍රමාණයක්. අවසානයේ මේ ගෙතුම ගැනත් එඞ්වර්ඞ් ගැනත් ලියන්න ගිනස් ලෝක වාර්තා පොතේ පිටුවක් පවා වෙන් කරන්න සිද්ධ වෙලා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.