lakbima.lk

ලෝකේ කම්මැලිම සතා කියලා කියන්නේ ස්ලොත්ට. ඒකට හේතුව තමයි  ස්ලොත් ඉතාම මන්දගාමී සතෙක් වීම. ස්ලොත්ලා වැඩිපුරම කරන්නේ නිදාගන්න එකයි. ඒ අය දවසකට පැය 16 ක් 20 ක් අතර ප‍්‍රමාණයක් නිදා ගන්නවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ආහාර ජීර්ණයට දිගු කාලය ගත වීම. ස්ලොත්ලාගේ ආහාර මාර්ගය හැදිලා තියෙන්නේ හරිම කම්මැලි විදියට ආහාර ජීර්ණය කරන්නයි. එයාලා නිදාගෙන ඉන්න වෙලාවට තමයි වැඩිපුරම ආහාර ජීර්ණය සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ආහාර මාර්ගය හැදිලා තියෙන ආකාරය අනුව නම් ආහාර ලබාගෙන පැය 6ක් 8 ක් තුළ එය ජීර්ණය වෙලා අවසන් වෙනවා. නමුත් ස්ලොත්ලාගේ එහෙම නෙවෙයි. ඔවුන්ගේ ආහාර ජීර්ණය වෙන්න සති දෙකක විතර කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ස්ලොත්ලාගේ ආහාර දිරවන්නෙත් ස්ලොත්ලා වගේම හරිම කම්මැලි විදියටයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.