lakbima.lk

මිනිස්සුන්ට මහා පුදුම විදියේ ආශාවල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඇතැම් විට පුංචි කාලේ මුද්දර, ස්ටිකර් වගේ දේවල් එකතු කරන්න ඔබත් කැමැත්තෙන් ඉන්න ඇති. හැබැයි ලොකු වුණාට පස්සේ ඒ ආශාවල් ටිකෙන් ටික නැති වෙලා යනවා. හැබැයි ජර්මනියේ ඉන්න හැරී ස්පර්ල්ට නම් පුංචි කාලේ තිබුණු අරුම පුදුම ආශාව වයසට ගියාට පස්සෙත් නැති වෙලා නැහැ. 
හැරී පුංචි කාලේ හැම්බර්ගර් කන්න ගොඩක් ආසයිලූ. ඒ කැමැත්ත කොච්චරක් ද කියනවා නම් ඔහු හැම්බර්ගර් තියෙන පින්තූරයක් පවා විසි කරන්නේ නැතිව එකතු කරනවාලූ. ඉතින් මේ විදියට ඔහු වයසින් වැඩිමහලූ වෙද්දී මේ ආශාව තවත් වැඩි වෙලා. දැන් ඔහු ළඟ රෙදිවලින් මැසූ හැම්බර්ග්, ප්ලාස්ටික් හැම්බර්ග් විතරක් නෙවෙයි හැම්බර්ග් හැඩයේ බයිසිකල් පවා තියෙනවා. හැරී ළඟ තිබෙන ඔක්කෝම හැම්බර්ග්වල එකතුව 3724 ක්. මේ නිසාම ඔහුව හඳුන්වන්නේ හැම්බර්ග් හැරී කියලාලූ.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.