lakbima.lk

බැලූ බැල්මට මේ වෙඩිං ගවුමේ ඒ තරම් විශේෂත්වයක් නැතත් එය නිර්මාණය කරලා තියෙන්නේ ලේස් රෙදි සහ බැලූන්වලින්. ගවුමේ සාය කොටස නිර්මාණය කරන්න සිහින් දිග බැලූම් 5000 ක් යොදා ගෙන තියෙනවා. මේ ගවුම ඇඳගෙන ඉන්නේ 24 හැවිරිදි විකී ලෙවිට්. හැබැයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ ඇගේ මව වූ 54 හැවිරිදි තෙල්මා ලෙවිට්. ඇය වෘත්තියෙන් විවිධ අපූරු දේවල් නිර්මාණය කරන්නියක්. බැලූම් විතරක් යොදාගෙන ඇය තොප්පි, කුඩ, ජංගම දුරකථන කවර වගේ දේවල් නිර්මාණය කරලා තියෙනවා. කොහොම වුණත් මේ බැලූම් වෙඩිං ගවුම ඇඳගෙන විකීට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන් වෙයිද කියලා නම් කියන්න අමාරුයි. ගවුම ඇඳගෙන ඉන්න අතරේ බැලූම් පුපුරන්න පටන් ගත්තොත් විවාහය කොහෙන් කෙළවර වෙයිද කියලාත් කියන්න බෑ. ඒ වගේම තමයි විකී මේ ගවුම ඇඳගෙන කොහොම වාඩි වෙයි ද කියන එකත් හිතාගන්නවත් බැහැ. විකීගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ ජුනි 30 වෙනිදා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.