lakbima.lk

යුදෙව් වැසියන්ගේ විවාහ මංගල උත්සවවල තියෙන හරිම අපූරු සිරිතක් තමයි මේ. යුදෙව් විවාහ සිදුවෙන දවසට කලින් මනාල පාර්ශ්වය විසින් ලීවලින් පුංචි පෙට්ටියක් නිර්මාණය කරගත යුතු වෙනවා. මනාලියගේ පාර්ශ්වයෙන් පිත්තල ඇණ සහ පුංචි මිටියකුත් ලාකඩ කැබැල්ලකුත් සූදානම් කර ගත යුතුයි. ඉතින් විවාහය දවසට මනාල යුවල මේ ලී පෙට්ටිය විවෘත කරලා අතේ තියාගෙන එයාලගෙ ජීවිතවල තිබුණු දුක් සහිත දේවල් සියල්ලම මතක් කර ගත යුතු වෙනවා.
ඒ විදියට දෙන්නාම තම තමන්ගේ දුක් සහිත දේවල් මතක් කරලා ඉවර වුණාට පස්සේ මනාල යුවළ විසින්ම අර ලී පෙට්ටියේ පියන වහලා පිත්තල ඇණ ගැසිය යුතු වෙනවා. ඊට පස්සේ ලාකඩවලින් ඒ පෙට්ටිය සීල් කරන්නත්  ඕනෑ. මේ විදියට සීල් කරපු ලී පෙට්ටිය ගලාගෙන යන වතුර සහිත දිය ඇල්ලකට හෝ ගංගාවකට දමනවා. මේ සිරිතෙන් නිරූපණය වෙන්නේ මනාලයා සහ මනාලියගේ සියලූම දුක් සහිත දේවල් එ් පෙට්ටියට දාලා සීල් කරලා පා කරලා යැවීමෙන් විවාහ දිවිය තුළ දී නැවත වරක් ඔවුන්ට අතීත දුක් සහිත මතකයන් නිසා දුකක් ඇති වෙන්න කිසිම ඉඩක් නැහැ කියන එකයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.