lakbima.lk

අපි ආදරය ගැන කතා කරද්දී පාවිච්චි කරන අයිකන් එක තමයි හදවත. ඒ වගේම ආදරයේ එක් පැත්තක තියෙන්නේ ලිංගිකත්වය. මේ දෙක එකට එකතු වුණු අවස්ථාවක් තමයි මේ පින්තූරවල දකින්න තිබෙන්නේ. මේ ඉන්නේ අපි  ඕනෑ තරම් දැකලා තියන කූරා හෝ බත් කූරා කියන කෘමියා.
ස්ත‍්‍රී සහ පුරුෂ බත් කූරන් දෙදෙනකු ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මේ අවස්ථාවල ඔවුන්ගේ සිරුරු පිහිටන්නේ මිනිස් හදවතක හැඩයටයි. හදවතක හැඩය කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් හදවතක හැඩය නෙවෙයි, ආදරය ගැන කතා කරද්දී අපිට මැවෙන හදවතක හැඩය. ඇත්තටම මොවුන්ගේ සිහින් දිග සිරුර නිසා ඔවුන් ලිංගික සංසර්ගයේ යෙදෙන ඉරියව්ව මේ ආකාරයෙන් පවතිනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.