lakbima.lk

මේ පින්තූරයේ ඉන්නේ ඇමෙරිකානු ජාතික චැඞ් ෆෙල්. එයා මේ පුම්බන්නේ බැලූමක් නම් නෙවෙයි. ඒ බබ්ල්ගම් එකක්. මේ තරම් ලොකුවට බබ්ල්ගම් එකක් පුම්බන්න පුළුවන් ද කියලා හිතූණත් ඇත්තටම ඒක කරන්න පුළුවන් වුණේ ඔහුට විතරයි. මේ නිසාම ෆෙල්ට ගිනස් පොතේ එයාගේ නම ලියා ගන්නත් පුළුවන් වුණා.
ඔහු මේ විදියට පුම්බවපු ලොකුම බබ්ල්ගම් බෝලේ විෂ්කම්භය අගල් 20 ක් වුණා. ඒ කියන්නේ සෙන්ටි මීටර් 51 කට කිට්ටු අගයක්. ඔහු මේ විදියට ලොකු බබ්ල්ගම් බෝලයක් නිර්මාණය කළේ බබ්ල්ගම් තුනක් විනාඩි 10ක් විතර හැපුවාට පස්සෙයි. සෙන්ටි මීටර් 51 කට වැඩි විෂ්කම්භයක් සහිත බබ්ල්ගම් බෝලයක් හදා ගන්න උත්සාහ කළොත් ඔබටත් ගිනස් පොතේ නම ලියාගන්න බැරිවෙන එකක්  නැහැ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.