lakbima.lk

ගොළුබෙල්ලා බොහොම හිමින් ගමන් කරන සතෙක් කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේම ගොළුබෙල්ලන් කියන්නේ අනිත් සතුන්ට නැති අපූරු හැකියාවක් තියන පිරිසක්. සාමාන්‍යයෙන් ගොළුබෙල්ලෙක් දවසකට පැය 18ක් විතර නිදා ගන්නවා. ඒ වගේම පරිසරයේ කාලගුණික තත්ත්වය අනුව ඔවුන්ට දවස් තුන හතරක් එක දිගට නිදා ගන්නත් පුළුවන්. මේ හැම කාරණයකටම වඩා වැදගත්ම දේ තමයි සමහර ගොළුබෙලි විශේෂවලට එක දිගට අවුරුදු 3ක් නිදා ගන්න පුළුවන් වීම.
ඔවුන් එහෙම නිදා ගත්තාම ඔවුන්ට පරිසරයේ විපර්යාස දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ උණුසුම් බව, අධික ශීතල, විතරක් නෙවෙයි බඩගින්න වගේ හැගීම් පවා දැනෙන්නේ නැහැ. හරියට ඒක ශිශිරකරණය වගෙයි. ඒ කියන්නේ නිදා ගෙන ඉන්න වෙලාවට වියපත් වීමක් හෝ පරිවෘත්තීය ක‍්‍රියා සිදු වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොළුබෙල්ලෙකුගේ ජීවිත කාලය අවුරුදු පහක් විතර වෙනවා. හැබැයි  නිදා ගෙන ඉන්න කාලයත් ගත්තොත් අවුරුදු පහට වැඩි වෙන්නත් පුළුවන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.