Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇමෙරිකාවේ ධවල මන්දිරය මේ දිනවල උණුසුම් වී ඇත්තේය. ධවල මන්දිර මාධ්‍ය ‍ලේකම්වරිය වන සාරා හතබි කියන හැටියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නේ කෝපයෙන් දැවෙමිනි. අපේ භාෂාවෙන් කීවොත් ඌරු ජුවල් පිටය.
ට්‍රම්ප්ගේ මෙම කෝපයට හේතුව අයි.එස්.අයි.එස් ගරිල්ලන්ගේ ක්‍රියාකාරකම් හෝ උතුරු කොරියාවේ තර්ජන නොවේ. බටහිර ලෝකයෙන් හෝ රට ඇතු‍ලේම ඩිමොක්‍රටිස් ප්‍රතිවාදීන්ගේ විවේචනද නොවේ. මයිකල් වුල්ෆ් නම් මාධ්‍යවේදියෙකු විසින් ලියන ලද Tire and Tury - Inside the Trump white house  (ධවල මන්දිරයේ ට්‍රම්ප් වියරුව) නැමැති ‍පොත නිසාය.
මයිකල් වුල්ෆ් සම්මානනීය තීරු ලිපි රචකයෙකි. රූපවාහිනී නිවේදකයෙකි. මාධ්‍යවේදියෙකි. ඔහු විසින් ඉහත කෘතිය රචනා කර ඇත්තේ පුද්ගලයෝ දෙසිය දෙනෙකු සමග ට්‍රම්ප් කළ සාකච්ඡාවලින් සොයාගත් තොරතුරුවලින් සහ ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ පසු අවුරුද්දකට ආසන්න කාලයක් ඔහුගේ උපාය මාර්ගික ප්‍රධානියා (Former Chief Strategist) වශයෙන් ධවල මන්දිරයේ ට්‍රම්ප් සමගම එකට සිටි ස්ටීව් බැනන් විසින් හෙළි කළ තොරතුරු මත බවද කියැවේ.
‍පොත නිල වශයෙන් නිකුත් වීමට තිබුණේ පසුගිය 09 වැනිදාය. ඒත් හදිසියේම එම තීරණය වෙනස් කළ ප්‍රකාශකයෝ පසුගිය 03 වැනිදා එනම් සැලසුම්කර තිබූ දිනට වඩා සතියකට කලින් ‍පොත වෙළෙඳ ‍පොළට නිකුත් කළෝය. ‍පොත නිකුත් කළ වහාම උණු කැවුම් මෙන් ‍පොත විකිනෙන්නට විය. එහි අලෙවි වාර්තා කොයිතරම් දැයි කිවහොත් අන්තර්ජාලය හරහා ‍පොත් මිලදී ගත හැකි 'ඇමර්සන්' වබේ අඩවිය කියන්නේ මෑත ඉතිහාසයේදී එක දිනක් තුළ වැඩියෙන්ම අලෙවි වූ ‍පොත. මෙකී Tire and Tury කෘතිය බවයි.
Tire and Tury  කෘතිය රචනා කිරීම සඳහා මාධ්‍යවේදී මයිකල් වුල්ෆ්ට වැඩි වශයෙන්ම තොරතුරු සම්පාදනය කරමින් උදව් උපකාර කර ඇති ස්ටීව් බැනන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයකුව සිටි බව කියැවේ. ට්‍රම්ප් ජනපතිවරණය ජයගත් සැනින් බැනන්ව ධවල මන්දිර උපාය මාර්ගික ප්‍රධානියා හැටියට පත් කරගත්තේද මෙකී සමීපකම නිසාම බවද කියැවේ.
මේ හිතමිත්‍රකම සමීපකම කොතෙක්ද යත් මීට මාස පහ හයකට ප්‍රථම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්ටීව් බැනන් ගැන කතා කළේ හිලරි ක්ලින්ටන් නමැති කපටි ගැහැනිය සමග මම කළ ජනාධිපතිවරණ සටනේදී මා වෙනුවෙන් කළ කැපකිරීම් සහ උපකාරවලට මම ඔබට අතිශයින් ස්තුතිවන්ත වෙමි. වැනි වර්ණනාත්මක වදනිනි. ඒත් මයිකල් වුල්ෆ්ගේ Tire and Tury ත නිකුත්වීමෙන් සහ එය කියැවීමෙන් පසුව ට්‍රම්ප් කතා කරන්නේ ධවල මන්දිර රැකියාවෙන් දොට්ට දැමූ පසු සිහිය විකල් වූ පල් මෝඩයෙකු වැනි අපහාසාත්මක මුඛයෙනි. 
ස්ටීව් බැනන් සමග මගේ කිසිදු පුද්ගලික සම්බන්ධයක් නැත. රිපබ්ලිකන් අපේක්ෂකයන් දාහත් දෙනෙකු අභිභවා ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට නාම යෝජනා දිනා ගැනීමට හැකි වීමෙන් පසුව ධවල මන්දිරයේ සේවයට ආ මේ ගුණමකු මිනිසා අසත්‍යය වපුරමින් සිටී යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා තිබුණි. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටනේ අවසන් කාලයේ ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ දැන් ට්‍රම්ප් 'සිහිය විකල් වූ පල් මෝඩයෙකු' යැයි කියන මේ ස්ටීව් බැනන්ම බව ඇමෙරිකානුවන් මතු නොව ට්‍රම්ප්ගේ ජනාධිපති සටන ගැන අවදියෙන් සිටී. ලොව ඕනෑම කෙනෙක් දන්නා ප්‍රකට කාරණාවකි. 
ජනාධිපතිවරණ මෙහෙයුම පැවති කාලයේ සහ ඉන් පසුව ධවල මන්දිරයේ ගෙවුන කාලය පිළිබඳව ලියැවී ඇති Tire and Tury  පොත කියැවීමත් සමගම ට්‍රම්ප්ගේ හිස මුදුනට යක්ෂයා ආරූඪ වීමට තරම් වූ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක්ම ‍පොතේ අන්තර්ගතව ඇත්තේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වාසය ප්‍රිය නොකරන අතර ජනාධිපතිවරයා සහ ආර්යාව වන මෙලනියා එකම කාමරයක නිදාගන්නේ ද නැත. ඒ අනුව කෙනඩි, ජැකොලයින් දෙදෙනාගෙන් පසුව ධවල මන්දිරයේ වෙන වෙනම කාමර දෙකක නිදාගත් එකම ජනාධිපති යුවළ ට්‍රම්ප් යුවළයි යනුවෙන්ද මෙම ‍පොතේ සඳහන්ව තිබේ. එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් නිතර කේන්තියෙන් පසුවන කේන්ති ගියවිට ධවල මන්දිරයේ බඩුමුට්ටු ‍පොළොවේ ගසන ඒ මේ අත විසි කරන අයෙකු බවද එසේම ට්‍රම්ප් විසි කළ බඩුමුට්ටු නැවත තිබූ තැන්වලින් තබන සේවකයන්ට ට්‍රම්ප් බැනවදින බවද තව තැනක සඳහන් බවද කියැවේ. 
මීට අමතරව ට්‍රම්ප් නිතරම සැකයෙන් ජීවත්වන අයෙකු බවත් කවුරුන් හෝ කොයි මෙහොතේ හෝ තමන්ට වස දෙනු ඇතැයි බියෙන් පසුවන ඔහු මැක්ඩොනල්ඩ්ස් ආහාරවලට පමණක්ම ඇබ්බැහි වී තිබේ. එසේම ට්‍රම්ප් ධවල මන්දිර සේවකයන්ට මතෛක් කිසිදු ජනාධිපතිවරයකු පනවා නොතිබුණු අලුත් නීති රීති මාලාවක් පනවා තිබේ. ඒ සිය පෞද්ගලික බඩු භාණ්ඩ සම්බන්ධයෙනි. මේ නීතියට අනුව කිසිවෙකුටත් ඔහුගේ පෞද්ගලික භාණ්ඩවලට අත තැබිම සපුරා තහනම්ය. මේ අතරින්ද දත් බුරුසුව සම්බන්ධ තහනම ඉතා දැඩිය.
තම නිදන කාමරයට කිසිවෙකු හෝ පිවිසීම ට්‍රම්ප් නොරුස්නා දෙයකි. ඒ ඔහු නිරුවතින් ඇදේ වැතිර සිටීමට ඇති කැමැත්තට බාධා වනු ඇතැයි බියෙනි. එසේම පෞද්ගලික ජීවිතයේදී ඉතාමත් දරුණු ලෙස තනිවූ මිනිසෙකු සිය විවාහ තුනෙන්ම ලද දරුවන්ගෙන් දැන් යම් තරමකට හෝ ඔහු සමීපයේ සිටින්නේ ඉවන්කා පමණි. ඇයද ඔහු සමග වැඩිපුර කතා බහ කරන්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳව වන අතර ඉවන්කාද ඇමරිකාවේ පළමු ජනාධිපතිවරිය වීමට සිහින දකිමින් සිටින්නීය.
මෙකී නිදන කාමර කතාවලට අමතරව ආන්දෝලනාත්මක දේශපාලන කාරණා ගණනාවක්ද ‍පොතට ඇතුලත් බව කියැවේ. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප් හා රුසියාව අතර වූ සම්බන්ධතාවයි. මෙහිදී ට්‍රම්ප් පුත්‍රයා වන බැරන්ට් ට්‍රම්ප් 2016 වසරේ ඇමෙරිකානු මැතිවරණ පැවති සමයේදී රුසියානු නියෝජිතයන් කණ්ඩායමක් සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන්ද සඳහන් වේ.
මීට අමතරව ජනාධිපතිවරණයේදී තමා ජයග්‍රහණය කරනු ඇතැයි ට්‍රම්ප් පවා බලා‍පොරොත්තු නොවූ අතර ජනාධිපතිවරණ දින රාත්‍රියේදී ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා හඬමින් කඳුළු සලමින් සිටි බවද ඒවා සතුටු කඳුළු නොවන බවද මෙම ‍පොතේ සඳහන්ව තිබේ. තමා පරාජය වනු ඇතැයි සිතූ ට්‍රම්ප් ජනාධිපති තරගයෙන් පරාජය වූ පසුව නැවත සිය ව්‍යාපාර කටයුතු කරගෙන යන ආකාරය ගැන මැතිවරණ සමයේ අවසන් කාලයේදී කල්පනා කළ බවද මෙහි කියැවේ. 
ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති පුටුවට කොයි තරම් නුසුදුස්සෙකුද යන්න පෙන්වා දෙන්නට බැනන් මෙම ‍පොතට තවත් අපූරු කරුණක් කියා තිබේ. ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ කළමනාකරු වූ සෑම් නැන්බර්ග් ට්‍රම්ප්ට ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා පැහැදිලි කර දීමට උත්සාහ කළත් ට්‍රම්ප්ට එය ගෝචර වී නැත්තේය. හතර වැනි සංශෝධනය කියවා දෙන විටම ඔහු නැගිට ගියා යැයි බැනන් කියයි.
කෙසේ වෙතත් මෙම ‍පොත පාඨකයන් හමුවට ඒමට ප්‍රථම එය වළක්වා ගැනීමට ට්‍රම්ප් උත්සාහ කළත් එයද සාර්ථක නොවූයේය. ට්‍රම්ප් දැන් කියන්නේ ‍පොතේ ඇති සියලුම දේ අමුම අමු බොරු බැවින් ඉදිරියේදී ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒත් ‍පොතේ කර්තෘ මයිකල් වුල්ෆ් කියන්නේ ‍පොතේ අන්තර්ගත කරුණු සියල්ල සත්‍ය බැවින් තමා කිසි දෙයකට බිය නැති බවය. එසේම ‍පොත එළියට ආ සැනින් ට්‍රම්ප් ඇතුළු හිතමිතුරු පාර්ශ්වයේ ප්‍රතිචාර හේතුවෙන් ‍පොතට ඇත්තේ අධික ඉල්ලුමකි. මේ ඉල්ලුම නිසාම ‍පොතේ ප්‍රකාශකයින් වන හෙන්රි හෝල්ට් ඇන්ඩ් කම්පැණි ආයතනය පළමු මුද්‍රණයෙන් දින කීපයකට ඇවෑමෙන් දෙවැනි මුද්‍රණයටද සැරසෙමින් සිටින්නේය.
 
උපාලි තිලකරත්න
  1. කවුද මේ මේගන් මාකල්?
  2. අවුන් සාන් සුකීට ජන සංහාර චෝදනා එල්ල වේවිද?
  3. ඇමෙරිකාව සහ උතුරු කොරියාව සාකච්ඡා මේසයට වාඩි වේවිද?
  4. ධවල මන්දිරයේ ට්‍රම්ප් නත්තල
  5. පෙම්වතාගේ අවමඟුල දිනයේදී ඔහු සමග විවාහ වූ කාන්තාවගේ කතාව
  6. අපායට පිවිසෙන එක් දොරටුවක්
  7. ඉන්දියාවේ ව්‍යසනයක් වී ඇති ගර්භාෂය කුලියට දීම
  8. ආම්ලික ගතිය වැඩිවීම නිසා මුහුදු ජීවීන්ට දැඩි අනතුරක්
  9. මුගාබේගේ පත්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය අවලංගු කරයි
  10. ජසින්ඩා උන්මාදය නවසීලන්තයේ ඊළඟ අගමැතිවරිය ඇයද?
  11. වසර 72කට පසු ප්‍රංශයෙන් මතුවූ හිට්ලර්ගේ රහසිගත බංකරය
  12. මාරක බෝනික්කා නැවතත් රිදී තිරයට
  13. ඇමෙරිකා උතුරු කොරියා යුද්ධය අතළඟ
  14. වරප‍්‍රසාද අතහරින ප‍්‍රංශ බලවත්තු
  15. ඩයනා කුමරියගේ ඉන්දියානු දියණිය
  16. අනාගතයේ බිහිවන මිනීමරු රොබෝ ආයුද ගැන සංවාදයක්
  17. දූෂණ විරෝධී සටනට එක් වූ කමල් හසන්
  18. ව්‍යාජ ඡායාරූප මගින් එවරස්ට් තරණයක් මවා පෑ ‍පොලිස් යුවළ
  19. ලෝකෙ වටේ එතිය හැකි රුධිර වාහිනී
  20. චාලි ගාඩ් අර්බුදයට පාප්තුමා මැදිහත් වෙයි
  21. අපට සමීප අනාගත ලෝක බලවතා චීනය
  22. අමිතාබ් කවදාවත් සහෝදර නළුවන්ට නිසි තැන දුන්නේ නැහැ
  23. ඇන්ටාක්ටිකාවත් කොළ පැහැ වන ලකුණු
  24. ගූගල් සමාගමෙන් කාච 17 ක අලුත්ම කැමරාවක්
  25. ඉන්දුනීසියාව දූපත් ගණන් කරයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.