Coss Ear2
lakbima.lk
COSS Ear 1

අතීතාවර්ජනය

ඇස්ටන් කචර් හොලිවුඞ් නළුවෙක්. වයස අවුරුදු 40යි. ඔහු 2005 වසරෙදි ඩෙමී මුවර් කියන හොලිවුඞ් නිළිය එක්ක විවාහ වුණා. ඇය ඔහුට වඩා අවුරුදු 15 කින් වැඩිමහල්.
මේ විවාහය 2013 දී දික්කසාදයකින් කෙළවර වුණා. ගිය සතියේ දවසක ‘ඒ බී සී’ වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙක් කචර් එක්ක සම්මුඛ සාකච්ඡුාවක් සිදු කළා. ජීවිතයේ දුකින්ම හිටපු දවස් ගැන අහපු ප‍්‍රශ්නෙට කචර් උත්තර දුන්නේ මෙහෙමයි.
‘‘ඩෙමී දික්කසාද වුණාට පස්සෙ සතිය තමයි මම ජීවිත කාලය තුළ දුකින්ම හිටපු සතිය. මම ඒ සතිය පුරාම කඳු නගිමින් කාලය ගත කළා. මගේ බෑග් එකේ තිබුණේ වතුර බෝතලයකුයි තේ බෝතලයකුයි සටහන් පොතකුයි පෑනකුයි විතරයි. මුළු සතියක්ම මම කිසිම දෙයක් කෑවෙ නැහැ. කිසිම කෙනෙක් එක්ක කතා කරන්න ෆෝන් එකක් ටැබ් එකක්වත් මම අරගෙන ගියේ නැහැ. ඒ සතිය මම තනියම දුක් විඳිමින් හිටියා. වෙනත් කඳු නගින්නන් පිරිසකට මාව හමුවෙලා තිබුණේ සිහි නැතිව වැටිලා හිටපු වෙලාවක.’’
ඔහු මේ විදියට කිව්වත් ඩෙමී දික්කසාද වෙලා අවුරුදු දෙකක් යන්නත් කලින් ඔහු මිලා කියුනිස් කියන ඇමෙරිකානු නිළිය විවාහ කර ගත්තා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.